by Staff writer 12-09-2021 | 11:08 PM
COLOMBO (News 1st) - තමන්ට තිබෙන දෙයින් ප්‍රයෝජන ගන්නවා නම් රටක් විදිහට අපට බොහෝ දේ ළඟා කර ගත හැකියි.
නොමැති දේ ගැන වදවෙනවාට වඩා තම නිර්මාණශීලීත්වයෙන් ප්‍රයෝජනගත් මිනිස්සු අපි අතරේ නැතුවා නොවේ.
අම්පාරේ ඩබ්ලිව්. එම්. ජයවර්ධන මහතාගේ කතාවයි මේ..
අම්පාර, දමන ප්‍රදේශයේ ගල්කන්ද දේවාලහිඳ ප්‍රදේශයේ ජයවර්ධන මහතාගේ කර්මාන්ත ශාලාව පිහිටා තිබේ.
මුද්‍රණ ක්ෂේත්‍රයේ නිරත වූ රැකියාවෙන් ඉවත්වී ජයවර්ධන මහතා මීට වසර 10කට පෙර තම ගමට එන්නේ නිර්මාණශීලී අදහස් රැසක් පොදි බැඳගෙනයි.
කෘෂිකර්ම ක්ෂේත්‍රය කේන්ද්‍ර කර ගනිමින් තම නිර්මාණ සැලසුම් කරන ජයවර්ධන මහතා මේ වනවිට නව නිපැයුම් රැසක හිමිකරුවෙකි.
ජයවර්ධන මහතා නිර්මාණය කළ බීජ සහ පොහොර එකවර යෙදිය හැකි යන්ත්‍රයක් තිබේ.
ඊට පේටන්ට් බලපත්‍රය ද ඔහු සතුයි.
මෙම යන්ත්‍රයේ එකවර පොහොර කිලෝ 75ක් හා බීජ කිලෝ 50ක් ගබඩා කිරීමේ හැකියාව පවතී
ප්‍රදේශයේ ගොවීන් පෙන්වා දෙන්නේ, මෙම යන්ත්‍රය හරහා තමන්ගේ කෘෂිකාර්මික වැඩකටයුතු පහසු කර ගත හැකි බවයි.