COLOMBO (NEWS1ST) : මෙවන් අවස්ථාවක පළපුරුද්දක් සහිත අයෙක් මහ බැංකු අධිපති ධුරයට පත්වීම හොඳ දෙයක් බව නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.
''මහ බැංකුවේ පසුගිය වසර දෙකේ ක්‍රියා කලාපය ගැන විවේචන තියෙනවා අපිටත් විවේචන තියෙනවා. මේ වෙලාවේ අමාරු වෙලාවේ අපි හරියාකාරව හිටු කරාද කියන ප්‍රශ්නය සමහර වෙලාවට ආර්ථික විශේෂඥයින් මතු කරනවා.ඉතින් මේ වගේ වෙලාවක පළපුරුද්දක් තියෙන කෙනෙක් මහ බැංකු අධිපති කමට යන එක මම හිතන්නේ හොඳ දෙයක්''
හිටපු මහ බැංකු අධිපතිවරයාට කිසියම් බලපෑමක් සිදුවුණා දැයි මෙහිදී මාධ්‍යවේදීහු රාජ්‍ය අමාත්‍යරයාගෙන් විමසා සිටියහ.
මේ ඊට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍යවරයා...
''එතුමා පැහැදිලි කළේ, නැහැ නේ මොකක්ද ඒ සිත්තැවුල කියලා . ඒ නිසා අපිට ඒ ගැන කියන්නට බැහැ. නමුත් සමහර විට පහුගිය කාලේ අලුතින් මහ බැංකු අධිපතිවරයෙකු පත් කරනවා කියන කතාව පහුගිය සුමාන දෙක පුරාම පැතිර ගියා . එතුමාට ඒක සිත් තැවුලකට හේතුවක් වුණා වෙන්න පුළුවන්''
ගම්පහ බෞද්ධාලෝක මාවතේ දැනට ඇති පදික වේදිකාව ගලවා ඉවත්කර එය අලුතෙන් සකස් කිරීමේ භූ දර්ශන ව්‍යපෘතිය අද ආරම්භ කළේ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙනි.
මේ ව්‍යාපෘතියේ වියදම රුපියල් මිලියන 20 කි.
මෙහිදී මාධ්‍යවේදීහු රාජ්‍ය අමාත්‍යවරයාට ප්‍රශ්න කිහිපයක් යොමු කළේ ය.
ප්‍රශ්නය:- එතකොට ඇමතිතුමා මේකට යන වියදම් මෙහෙම..
රාජ්‍ය අමාත්‍යවරයා :- රජයක් විසින් අයවැයකින් මුදල් වෙන් කරාට පස්සේ ඒ ඒ අමාත්‍යාංශවලට ඒ මුදල් වෙන තැනකට භාවිත කරන්න බැහැ.
ප්‍රශ්නය:- නමුත් රජය කිව්වනේ දැන් සංවර්ධන කටයුතු සියල්ල නවත්තනවා කොවිඩ් තත්ත්වය තුළ ජනතාවට සහන දෙන්න කියලා
රාජ්‍ය අමාත්‍යවරයා :- රජය කිව්වේ ඊළඟ වසරේ අයවැය සකස් කරන විට අපේ සංවර්ධන කටයුතු ගැන අපිට දෙපාරක් හිතන්න වෙනවා කියලා.
ප්‍රශ්නය:- අපි දැක්කා එතකොට ඇමතිවරයෙක් කියනවා දෙවේලක් කාල ජීවත් වෙන්න කියලා.
රාජ්‍ය අමාත්‍යවරයා :- ඇත්ත වශයෙන්ම මීට වඩා අමාරු යුගයන් අපි පහු කරලා තියෙනේ. ජනතාව ඒ තත්ත්වෙට වැටෙන්න දෙන්නෙ නැහැ.