දැන් දත්ත මැකිලා නැහැ කොරෝනා රෝගයට සම්බන්ධ දත්ත තියෙනවා කියන එක ඇතුළේ නැවතත් කුමන්ත්‍රණයක් පේනවා... - GMOA

by Staff writer 12-09-2021 | 10:24 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩ් දත්ත පද්ධතියේ තිබූ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම පිළිබඳව වෘත්තිකයින් තවදුරටත් ප්‍රශ්න කරමින් සිටි.

සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා,
සිද්ධිය වෙලා මාස දෙකයි පැමිණිල්ලට මාසයයි දත්ත අත්වැරදීමකින් මැකුණා වුණා කියන හෝ නිලධාරියාගේන් ප්‍රකාශයක් ලබා ගන්න සී.අයි.ඩී. එක ගිහිල්ලා නැහැ. ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට අරගෙන එක දවසින් ඇප දීලා ඔවුන් කියනවා අපි මහා ලොකු වැඩක් කළා මේකෙන් ලොක්කෙක්ව අත්අඩංගුවට ගත්තා දැන් අපි පරීක්ෂණ සෑහෙන දුරට කරගෙන යනව කියල තමයි කියන්නේ.ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකිලා කියලා කිව්වහම අපිට පේන්න තිබ්බ එතන මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. දැන් දත්ත මැකිලා නැහැ කොරෝනා රෝගයට සම්බන්ධ දත්ත තියෙනවා කියන එක ඇතුළේ නැවතත් කුමන්ත්‍රණයක් පේනවා. අපිට පේන්න තියෙන දේ තමයි එන්නත්කරනයට හා විශේෂයෙන්ම ඇන්ටිජන් කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක දෙයක් සිදුවෙලා තියෙනවා, සිදුවෙච්ච දේ පරිගණකගත කරලා තිබුණා, දැන් ඒක මැකුණා මැරුනට පස්සෙ නැහැ පරිගණකගත කරේ නැහැ අපි අතින් ලිව්වා කියලා මොකක් හරි කොළ කෑලි ටිකක් අපිට අලුතෙන් ලියලා කොළ කෑලි පෙන්නන්න පුළුවන් කාරණය කාටත් තේරෙනවා, එහෙම තැනකට තමයි මේ තත්ත්වය මේක ගිහිල්ලා තියෙන්නේ