by Staff Writer . 12-09-2021 | 11:29 PM
COLOMBO (NEWS1ST) : ඉතාලියේ බොලොඤ්ඤා නගරයේදී ජී 20 අන්තර් ආගමික සමුළුව මේ වනවිට පැවැත්වේ.
මේ අතර සමුළුව පැවැත්වෙන අතරතුර ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අද (12) ස්ථාන කිහිපයක දී විරෝධතාවල නිරත විය.
ඉන් එන් කණ්ඩායමක් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ නිසි ලෙස සිදු නොවන බව පවසමින් විරෝධතාවක නිරත විය.
අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව පරීක්ෂණ කඩිනම් කරන්නැයි, ඉල්ලමින් මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස විරෝධය පළ කළේ ය.
මේ අතර තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් ආණ්ඩුවට සහය පළ කරමින් අදහස් පළ කළේ ය.