හම්බන්තොටට ගිනිකොණ මුහුදේ සුළු භූ චලනයක්… සුනාමි අවදානමක් නැහැ

හම්බන්තොටට ගිනිකොණ මුහුදේ සුළු භූ චලනයක්… සුනාමි අවදානමක් නැහැ

හම්බන්තොටට ගිනිකොණ මුහුදේ සුළු භූ චලනයක්… සුනාමි අවදානමක් නැහැ

කර්තෘ Sagarika Chathumali

12 Sep, 2021 | 2:50 pm

COLOMBO (NEWS1ST) : හම්බන්තොටට , කිලෝමිටර් 160 ක් ගිනිකොණ දෙසින් වන මුහුදේ අද (12) පස්වරු 1.33 ට භූ චලනයක් සිදුව ඇතැයි, භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

එහි සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, භූ චලනයේ ප්‍රබලත්වය මැග්නිටියුට් 4.1 ක් බවයි.

භූ චලනයෙන් මෙරටට සුනාමි අවදානමක් නොමැති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය අවධාරණය කළේ ය.

ඔහු පැවසුවේ, පසුගිය මාසයක පමණ කාලය තුළ මෙරට අභ්‍යන්තරයේ භු චලන 2 ක් සහ මෙරට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව භු කම්පන 3 ක් වාර්තා වි ඇති බවයි.

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]