වසර 44 කට පසුවලොව ප්‍රධාන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලියක් ජයගත් පළමු බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාව එමා රඩකානු

කර්තෘ Staff Writer .

12 Sep, 2021 | 2:19 pm

COLOMBO (News 1st) – 18 හැවිරිදි බ්‍රිතාන්‍ය යොවුන් ක්‍රීඩිකා එමා රඩකානු, 2021 අමෙරිකා විවෘත ටෙනිස් තරගාවලියේ, කාන්තා කේවල ශූරතාව දිනා ගත්තාය .

ඇය හමුවේ අවසන් තරගයේදී වට 2 ට 0 ක් ලෙස පරාජය වූයේ 19 හැවිරිදි කැනඩා ක්‍රීඩිකා ලෙයිලා ෆර්නැන්ඩස්.

අවසන් ලකුණු සටහන 6 ට 4 ක් සහ 6 ට 3 ක් ලෙස දැක්විය .

මෙම තරගයේ ජයග්‍රහණයත් සමගින් එමා රඩකානු වාර්තා අතරට එක් වූයේ , වසර 44 කට පසුව ලොව ප්‍රධාන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලියක ශූරතාව දිනා ගත් පළමු බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාව ලෙසය.

අමෙරිකා විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අවසන් මහා තරගය නිව්යෝක්හිදී පැවැත්විය .

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]