එන්නත් පත්‍රිකාව පරීක්ෂාව එංගලන්තය අත්හිටුවයි

එන්නත්කරණ පත්‍රිකාව ප්‍රවේශ බලපත්‍රයක් ලෙස යොදා ගැනීමට ගත් තීරණය එංගලන්තය අත්හිටුවයි

by Staff writer 12-09-2021 | 9:28 PM

News 1st - එන්නත්කරණ පත්‍රිකාව ප්‍රවේශ බලපත්‍රයක් ලෙස යොදා ගැනීමට ගත් තීරණය අත්හිටුවීමට එංගලන්තය තීරණය කර තිබේ.

එරට සෞඛ්‍ය ලේකම් සාජිඩ් ජාවේඩ් මේ බව සඳහන් කළේ, බී.බී.සී. ලෝක සේවය සමග සාකච්ජාවකට එක් වෙමිනි. ඔහු පැවසුවේ, රාත්‍රී සමාජ ශාලා සහ වැඩි වශයෙන් පුද්ගලයින් එක් රැස්වන පොදු ස්ථානවලට ප්‍රවේශ වීමේදී කොරෝනා මර්දන එන්නත් දෙකම ලබාගත් බවට තහවුරු කරන සහතිකය ඉදිරියේදී පරීක්ෂා නොකරන බවය. එංගලන්තය තුළ එන්නත් දෙකක් ලබා ගත් බවට සහතික කළ පත්‍රිකාව ඉදිරිපත් කරන පුද්ගලයින්ට පමණක් ජනතාව රැස්වන ස්ථානවලට ප්‍රවේශ වීමට මීට පෙර අවසර ලබා දී තිබුණි. කෙසේ වෙතත් ඊට චෝදනා එල්ල වුණේ, රජයේ එම තීරණය මගින් එන්නත් ලබා නොගත් පුද්ගලයින්ට වෙන් කර සැලකීමේ පිළිවෙතක් ක්‍රියාත්මක වන බවටයි.