by Staff writer 11-09-2021 | 5:58 PM
COLOMBO (News 1st) : මේ දිනවල ලෝකයේම අවධානය දිනූ අපේ රටේ ගීතයක් වාර්තා පිට වාර්තා තබමින් තිබේ.
ඒ , ''මැණිකේ මගේ හිතේ'' ගීතයයි.
අපේ රටේ ලොකු කුඩා කා අතරත් මේ ගීතය දැන් ජනප්‍රිය වී අවසන්ය.
ලෝ ප්‍රකට නළු අමිතාබ් බච්චන් මේ ගීතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැක්වූ ප්‍රතිචාරයත් සමග ''මැණිකේ මගේ හිතේ'' ඉන්දියාව තුළත් උන්මාදයක් බවට පත් විය.
''මැණිකේ මගේ හිතේ'' ගීතය ඇසුරෙන් කළ ප්‍රතිනිර්මාණ රැල්ලකුක් මේ වනවිට ලොව පුරා පැතිරෙමින් තිබේ .
අද වනවිට මේ ගීතය YouTube ඔස්සේ සිදු කර ඇති නැරඹුම් වාර ගණන මිලියන 100 පසු කර තිබේ .
මෙරට ගීතයක් මේ අයුරින් ලොව වැඩිම පිරිසක් ආකර්ෂණය කරගත් පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි.