by Sagarika Chathumali 11-09-2021 | 10:24 PM
COLOMBO (NEWS1ST): සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තවත් කොරෝනා මරණ 157 ක් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 11,000 ඉක්මවා ගියේ ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 87 දෙනෙකු කාන්ත්වන් වන අතර ඉතිරි 70 දෙනා පිරිමි පුද්ගලයින් ය.
වාර්තා වූ කොරෝනා මරණ අතර වයස අවුරුදු 30ට අඩු ආසාදිතයින් 4 දෙනෙක් සිටිති.
මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 23 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 130 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (11) වාර්තා කරන ලද මෙම මරණ 157 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.
ඒ අනුව අද වාර්තා කරන ලද මරණ 157 ද සමගින් මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 11,152 ක් දක්වා ඉහළ යනු ඇති.