COLOMBO (News 1st) - පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ සහිත තාක්ෂණික වාර්තාව ලබන සිකුරාදා ජනාධිපතිවරයාට ලබාදෙන බව ඒ සම්බන්ධයෙන් පත් කළ විද්වත් කමිටුව අද(11) ප්‍රකාශ කර තිබේ.
කමිටුව අද පෙරවරුවේ රැස්වුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ය.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුවට ළමා රෝග විශේෂඥයින්, වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේඥයින් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජිතයින් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමාජිකයින් පිරිසක් ද ඇතුළත් ය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති,විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා,
පාසල් ළමුන් ෆයිසර් එන්නතින් එන්නත්කර ගත යුතුයි කියන එක අපි වර්තාවක් ඉදිරිපත් කරලා තියනවා. ඒක අප සාකච්ඡාවට භාජනය කළා. වයස් සීමාවල් අදහස් කරන්නේ ලෝකයේ තියෙන දත්ත අනුව අවුරුදු 12 ට අඩු අයට එන්නත්කරණය සුදුසු කරලා නෑ දැනට එතකොට අවුරදු 12 ත් 19 ත් කියන වයස් කාණ්ඩය සම්බන්ධයෙන් තමයි සාකච්චා කළේ ඒ අය අතුරින් ලෙඩ රෝග තියන අය නැති අය කියලා වෙන් කිරීමක් අවශ්‍ය වෙනවා පැහැදිලිවම දරුවන් එන්නත්කරණය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ අවුරුදු 14 වැඩි අයගේ නම් වැඩිහිටි විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි අධික්ෂණය ඉතාමත්ම ක්‍රමනූකූලව ඉතාමත්ම පරිස්සමෙන් දරුවන්ට කිසිදු හානියක් නොවෙන ආකාරයට විද්‍යාත්මක දත්ත අරපිරිමැස්ම කියන සියලු ක්‍රමවේදයට යටත්ව කිරීම තමයි සියලු දෙනාගේ අදහස.