COLOMBO (News 1st) - සැප්තැම්බර් අග ඔක්තෝබර් මුල වන විට රෝගීන් සංඛ්‍යාව ඒ වගේම මරණ සංඛ්‍යාවත් අඩු වෙයි කියලා බලාපොරොත්තු වන බව වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.
තවද රටේ ජනතාවට මේ අලුත් විදිහට ජීවත් වෙන්න හුරු කරන්න කළ යුතු බව ඇය වැඩිදුරටත් පැවසුවා ය.
කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය,
වාර්තාවෙන රෝගීන් සංඛ්‍යාවේ පොඩි අඩුවීමක් අපි දකිනවා මරණවල පොඩි අඩුවීමක් අපි දකිනවා ඒ වගේම තමයි අපි එන්නත්කරණය ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා දැන් මේ වනවිට 20 සිට 30 දක්වා තරුණ තරුණියන්ට එන්නත ලබාදීම රජය ආරම්භ කරලා තියනවා ඒ නිසා අපි විශ්වාස කරනවා සැප්තැම්බර් අග ඔක්තෝබර් මුල වෙනකොට රෝගීන් සංඛ්‍යාව ඒවගේම මරණ සංඛ්‍යාවත් අඩු වෙයි කියලා රටක් වහගෙන කොවිඩ් පාලනය කරන්න බෑ දැන් මුල් අවස්ථාවල රට වැහුවාට ලෝකයේ බොහෝ රටවල් දැන් එයින් බැහැරව එන්නත්කරණය කෙරෙහි විශ්වාසය තියාගෙන ඒ වගේම සෞඛ්‍ය හුරු පුරුදු තියාගෙන අද රට ක්‍රමානූකූලව අරිනවා ඒ නිසා රටේ ජනතාවට මේ අලුත් විදිහට ජීවත් වෙන්න අපි හුරු කරන්න ඕන.
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ විද්වත් සංගමයේ සභාපති, රවී කුමුදේශ් මහතා,
ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා ලංකාව තමයි මේ කලාපයේ වැඩියෙන්ම ලොක් ඩවුන්වලට ගිය රට ලෝක සෞඛ්‍ය සංවිධානයම කියනවා ලංකාව තමයි ලොක්ඩවුන් කාලේ ලංකාව තමයි වැඩියෙන්ම ඇවිදපු රට කියලා. මේ සංචරණ සීමාව මේ සා විශාල දිග එකක් වෙන්නේ ඒක කළමනාකරණය කරන අය ඒක විද්‍යාත්මකව කළමනාකරණය කරන්නේ නැති නිසා කොයි වෙලාවක හරි රටේ මිනිස්සු රට ඇරපල්ල කියන කම් මේ ලොක්ඩවුන් එක එපා වෙන තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියක් තමයි මේ සිද්ධවෙන්නේ. මේ ලොක්ඩවුන් එක අප්‍රේල් මාසේ අග සතියේ දින 10 ක් වහලා තිබ්බා නම් අද මෙච්චර ප්‍රමාණයක් මිනිස්සු මැරෙන්නේ නෑ කියලා අපට පැහැදිලිවම කියන්න පුළුවන් ඒ මරණවලට මේ අවිදිමත් තීරණ ගත්ත මිනිස්සු වගකියන්න ඕන.