COLOMBO (News 1st) - මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක්ම මේ දිනවල ක්‍රියාත්මක වේ.
ඒ අතර ඇති මධ්‍යම අධිවේගී මාර්ගගේ දෙවන අදියර මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස නොවැම්බර් මාසයේ විවෘත කිරීමට රජය සූදානම් වේ.
කිලෝමීටර් 40.91 ක් පමණ දුරට දිවෙන මේ මාර්ග ව්‍යාපෘතියේ වියදම දල වශයෙන් රුපියල් බිලියන 150 ක් පමණය.
දේශීය බැංකු 5 කින් හා මහා භාණ්ඩාගාරයෙන් මේ ව්‍යපෘතිය සඳහා අරමුදල් සම්පාදනය කර තිබේ.
මාර්ගය දෙපස අද පැළ සිටුවීමක් සිදු වුණේ මහාමාර්ග අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙනි.
මහාමාර්ග අමාත්‍ය, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා,
මධ්‍යම අධිවේගී මාර්ගය අපට අවසන් කරන්න තිබුණේ මීට මාස නවයකට දහයකට කළින්. නමුත් කළින් පැවති යහපාලන රජය ඔවුන්ගේ යාළුමිත්‍රයින්ට ඇමතිවරුන්ට අයත් සමාගම්වලට කොන්ත්‍රාත් ලබාදීම හරහා තමයි මෙය සම්පූර්ණයෙන් ප්‍රමාද වුණේ. අපිට සිද්ධ වුණා කැබිනට් එකට මගීන් වැඩ නොකරන කොන්ත්‍රාත්කරුවන්ව අවලංගු කරලා, උසාවි ගොස් උසාවියේ දී උන පොදු එකඟතාවයකින් නොවැම්බර් මාසෙ 15 වෙද්දී මේ අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වැඩ අවසන් කර ජනතා අයිතියට පත් කරන්න. ජනතාවට කියනවා අපි නිවැරදි තීන්දු තීරණ ගන්නෙ කියලා. අපි දේශපාලන පළිගැනීම් කරන්න ගියේ නැහැ. අපි දේශපාලන පළිගැනීම් කළා නම් මේ වැරදි කරපු අය මේ වෙද්දි ඉන්න ඕනි හිර ගෙවල්වල. අපිට අවශ්‍ය මේ රට සංවර්ධනය කරන්න.