සඳුදා රට විවෘත කරනවාද? නැද්ද ?

සඳුදා රට විවෘත කරනවාද? නැද්ද ? තීරණය අද..

by Staff writer 10-09-2021 | 8:49 AM

COLOMBO (News 1st) – ලබන සඳුදා(13) සිට රට විවෘත කරනවාද ? නැද්ද? යන්න පිළිබඳව අද(10) තීරණයක් ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා හමුවේදී ය. සඳුදා රට විවෘත කළ ද එය සීමා සහිතව සිදු කෙරනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.