COLOMBO (News 1st) - රෝහලකට ඇතුළත් කිරීමට පෙර මියයන කොවිඩ් අසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් තිබේ.
වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රසිද්ධියට පත් කළ දත්තවලට අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් 19.5%ක් මියගොස් ඇත්තේ නිවෙස් තුළ හා රෝහල්ගත කරන අතරතුරයි.
පසුගිය 03 වැනි දා විට අසාදිතයින් 1339 දෙනෙකු නිවාස තුළ මියගොස් තිබේ.
රෝහල්ගත කරන අතරතුර මියගොස් ඇති ගණන 573 කි.
නිවාස තුළ මියගොස් අති වැඩිම පිරිසක් වාර්තාවන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.
එම අගය 275 කි.
රෝහල්ගත කරන අතරතුර ආසාදිතයින් මියයාමේ ඉහළ අගය වන මරණ 182 ක් වාර්තාවන්නේ ද එම දිස්ත්‍රික්කයෙන් ය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
අපි වෙනදා නම් ක්ෂණිකව රෝහලකට ගෙනියන පුද්ගලයෙක් තව පොඩ්ඩක් ඉවසමු තව පොඩ්ඩක් ඉවසමු කියලා තියාගත්ත අවස්ථා තියනවා ලොක්ඩවුන් ක්‍රමවේදය හරහා හදිසි වාහනයක් හොයා ගැනීම වගේ ගැටලු මතුවෙන්න පුළුවන් මේ ආදි විවිධ ගැටලු නිසා තමයි මේක සිද්ධ වෙන්නේ එවනි අවස්ථාවලදී ඉදිරියේදී එවැනි අවස්ථා සිදු නොවෙන්න විකල්ප වැඩසටහන් සෑම විටම වගේ ප්‍රදේශීය මට්ටමෙන් ඒ ඒ සෞඛ්‍ය බලධාරීන් විසින් යොදවනවා ඒක අනුව අපි ඒවා අවම කරන්න කටයුතු කරනවා