රන්ජන්ට ජනාධිපති සමාව දෙන්න..

රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ඉල්ලා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකාගෙන් ජනපතිට ලිපියක්..

by Chathuranga Rajapaksha 10-09-2021 | 10:33 PM

COLOMBO (News 1st): රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලමින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ වනවිට මාස 08කට ආසන්න කාලයක් සිරගතව පීඩා විඳින රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දීමට කාරුණික වන මෙන් හිටපු රාජ්‍ය නායකයෙකු සහ මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය යොමු කළ එම ලිපියේ දැක්වේ. එම ලිපිය මෙසේය.