.webp)
මේ කියන එපික් ආයතනය තමයි EPF එකේ ETF එකේ තොරතුරු තියා ගන්නේ. අපි අහන්න කැමති මේකේ CEO අත්තඩංගුවට ගත්තට මේකට උත්තරයක් ලැබෙන්නේ නෑ. ඒ හින්දා මේ ඛේදවාචකය පිටුපස ඉන්න මහ මොළකරු කවුද කියලා අපිට හොයන්න අවශ්‍යයි. ඕනෑම ආයතනයක බැකෆ් එකක් තියා ගන්නවා. ඒ බැකප් එක ඖෂධ නියාමන අධිකාරියට නෑ. තොරතුරු තාක්ෂණ ආයතනයට අපි කියන්න කැමති. තොරතුරු තාක්ෂණ ආයතනයට මේ රටේ බදු මුදල් දීලා මිනිස්සු පවත්වගෙන යන එකේ තේරුමක් නෑ. ඕක අතහැරලා දාන්න. මේ තොරතුරු තියෙන්න ඕනේ ජාතික දත්ත ලේඛනයේ. මේකේ මහ මොළකරු කවුද? මේකේ මහ මොළකරු හොයාගන්න එකයි වැදගත් වෙන්නේ .එපික් ආයතනයේ CEO නෙවෙයි මහ මොළකරු. මහ මොළකරු එළියට එනකන්ම මේ මගඩිය අපිට කවදාවත් එළි කරගන්න බෑ. ජාතික ආරක්ෂාව අනතුරේ .එක බේතකින් පුළුවන් මේ රටේ මිනිස්සු දස දාස් ගාණක් මැරිලා යන්න. අපි අහන්න කැමතියි කෝ නියාමනය වෙච්චි ඩොකියුමන්ට් එක. ටෙන්ඩර් පටිපාටි ක්‍රමවේද මේ සියල්ලම මේ ගොනුවේ තියෙන්නේ. අද එකක්වත් නෑ ඒවා ඔක්කෝම අතුරුදහන් වෙලා තියෙනවා. ඒ අතුරුදහන් වීම පිටිපස්සේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරලා තියෙන්නේ. ජනතාවට වග කියන රජයක් නම් වහාම අත්අඩංගුවට ගත යුත්තේ සෞඛ්‍ය අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු විෂය භාර අමාත්‍යවරු. ඒ වගේම ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු මේවායේ පිටිපස්සේ ඉන්න මොළකරුවෝ ඊට පස්සේ එළියට එනවා.ඒ නිසා මේවා සෙල්ලම් කොට තකන්න එපා කියලා පැහැදිලිව අපි කියන්නට කැමතියි.
