by Staff writer 10-09-2021 | 10:02 PM
COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිත මරණ131 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබේ.
ඊයේ (09)සිදුවූ එම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද(10) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මියගිය පුද්ගලයින් අතර වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් 110 දෙනෙකු සිටී.
අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයින් 20ක් සිටින අතර අවුරුදු 30ට අඩු එක් පුද්ගලයෙකුත් එම මරණ අතර සිටී.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 10,995 ක් දක්වා ඉහළ ගොස් ඇත.