ඩෙල්ටා ප්‍රභේදයට එන්නත ඔරොත්තු දෙනවා ද?

ඩෙල්ටා ප්‍රභේදයට එන්නත ඔරොත්තු දෙනවා ද?

by Staff writer 10-09-2021 | 9:22 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තවන ප්‍රධාන ප්‍රභේදය බවට ඩෙල්ටා ප්‍රභේදය පත්ව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අනාවරණය කරයි.

එම විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය කළ පර්යේෂණයකින් අනාවණය වී ඇත්තේ, මෙරට තුළ හඳුනා ගන්නා කොරෝනා ආසදිතයින්ගෙන් 95% ඩෙල්ටා ප්‍රභේදය අසාදනය වූවන් බවය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ,ආචාර්ය චන්දිම ජීවන්දර මහතා,
සියයට 95 දශම අටක්ම මේ ලබාගත්ත සාම්පල්වලින් අපි හඳුනාගත්තා ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිත රෝගීන් මෙතන මේකේ වැදගත් දේ තමයි සීමා සහිත ප්‍රදේශවල ඇල්ෆා රෝගීන් ඉතා සුළු වශයෙන් වාර්තා වුණාට සෑම ප්‍රදේශකයම සියයට 95 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන්නේ ඩෙල්ටා රෝගීන් ඒ අතරින් ගත්තාම බස්නාහිර පළාතේ 100%ක් සබරගමු පළාතේ සාම්පල් 87 න් 81 ක් ඩෙල්ටා රෝගීන් ඌව පළාතෙන් සාම්පල් තුනයි අපි ගත්තේ තුනෙන් තුනම ඩෙල්ටා රෝගීන් උතුරු මැද පළාතේ සාම්පල් 60 න් 59 ක් ඩෙල්ටා රෝගීන් නොර්ත් වෙස්ටන් 22 න් 22 කම ඩෙල්ටා රෝගීන් ඊස්ටන් ප්‍රොවින්ස් එකේ සාම්පල් 94% ක් ඩෙල්ටා රෝගීන් උතුරු පළාතේ 123 න් 113 ක්ම ඩෙල්ටා රෝගීන් දකුණු පළාතේ සාම්පල් 64 න් 63 ක් ඩෙල්ටා ආශ්‍රිතයින් ඒ වගේම සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකේ 29 ක් සාම්පල් ලැබුණා 27 ඩෙල්ටා අශ්‍රිතයින් කොළඹ සාම්පල් 130 න් 130 ම ඩෙල්ටා රෝගීන්. මේ සියලුම පළාත්වල දැන් ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙලා තියෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය ඒකේ වැදගත් දේ තමයි කොළඹ විතරක් වහගෙන ඉන්නේ ඒ කියන්නේ පළාත් අතර සංචරණ සීමා එතරම් වැදගත් කමක් නෑ මෙවැනි තත්ත්වයක් තියනකොට මොකද හැම පළාතෙම ප්‍රමුඛ ප්‍රභේදය බවට ඩෙල්ටා පැතරිලා තියන නිසා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
බෝ වීමේ හැකියාව වැඩි වුණාට ඒ බෝ වෙන්නේ බෝ වෙන්න ඉඩ හැරියොත් ඉඩ ඇරියේ නැත්තම් මේක බෝ වෙන්නේ නැහැ. අපට සෞඛ්‍ය මාර්ගෝපදේශ හරියට ක්‍රියාත්මක කිරීම හරහා මේක බෝවෙන එක අවම තත්ත්වයට ගෙන එන්න පුළුවන්. ඒ නිසා ඉදිරියේදී සම්පුර්ණයෙන් වෙනස් වට හැසිරෙන ප්‍රභේදයක් පැමිණෙන්න වුණොත් අපි දන්වා ඒ තත්ත්වය සමහරවිට වෙනස් වෙන්න ඉඩ තියනවා. එසේ නොවන තාක්කල් අපට අපේ සෞඛ්‍ය පුරුදු නිසායාකාරව පවත්වාගෙන යනවා නම් මං හිතනවා කිසිම ගැටලුවකින් තොරව ඕනැම ප්‍රභේදයක් මේ දක්වා ආව ප්‍රභේද අපට ආරක්ෂා වෙන්න පුළුවන්.

ඩෙල්ටා ප්‍රභේදයට එන්නත ඔරොත්තු දෙනවා ද?

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ  අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා,
දැනට ලංකාව තුළ පාව්චිචි කරන සිනෝෆාර්ම් ෆයිසර් මොඩර්නා ස්පුට්නික් ෆයිව් කියන මේ සියලුම එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සති දෙකක් ගිය තැන නියම ප්‍රතිශක්තිය ලැබනෙවා ඒ තුළින් එන්නතින් බලාපොරොත්තු වෙන දරුණු රෝග තත්ත්වයන් සහ මියයාම නවත්තන්න මේ සියලුම එන්නත් ඉතා හොඳින් වැඩකරනවා තාමත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඒ මතයේ තමයි ඉන්නේ.