අගමැති ඉතාලියට ළඟා වෙයි..

අගමැති ඉතාලියට ළඟා වෙයි..

by Staff Writer . 10-09-2021 | 9:59 PM
COLOMBO (News 1st): නිල සංචාරයක් සදහා අද(10) අලුයම මෙරටින් පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියට ළඟා විය. අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍යවරයා ඉතාලියට පිටත්ව ගිය බවය. එම සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහ රාජත්‍රාන්ත්‍රික හමුවීම පදනම් කර ගනිමින් අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරය සැලසුම් කර ඇති බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය. විදේශකටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් , අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු ඇතුළු දූත පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටී.