සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉෂිණි වික්‍රමසිංහ ඉල්ලා අස්වෙයි. .

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉෂිණි වික්‍රමසිංහ ඉල්ලා අස්වෙයි. .

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉෂිණි වික්‍රමසිංහ ඉල්ලා අස්වෙයි. .

කර්තෘ Staff writer

09 Sep, 2021 | 9:39 am

COLOMBO (News 1st) –  ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඇය සඳහන් කළේ, මේ බව දැනුම් දෙමින් විෂය භාර අමාත්‍යවරයාට ලිපියක් යොමු කළ බවය.

මෙම ඉල්ලා අස්වීම සිදුවන්නේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ නඩු භාණ්ඩ ලෙස රඳවා සිටි හීලෑ අලි , ඇතුන් මුල් හිමිකරුවන්ට මුදාහරින ලෙස නියෝග කර ඇති පසුබිමකදී ය.

නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුව කොටුව අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකින් අලි ඇතුන් 13 දෙනෙකු මුල් හිමිකරුවන්ට ලබාදීමට නියම කෙරිණි.

පරිසර ක්‍රියාකාරිකයෙකු වන ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය දෙපාර්තමේන්තුවේ ප්‍රගතිශීලී වෙනස්කම් කිහිපයක් හඳුන්වා දීමට මූලික වූ අයෙකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]