COLOMBO (News 1st) - මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමට කැමැත්ත පළ කර තිබේද යන්න පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් මාධ්‍යවේදීන් අද(08) පැවති මාධ්‍ය හමුවකදී විමසීමක් කළේය.
ප්‍රශ්නය,
ඔබතුමාගේ නැවත ආගමනයක් තියෙනවද මහ බැංකුව පැත්තට යන්න?
රාජ්‍ය අමාත්‍ය, අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
මම ඒ පිළිබඳව මට ඒ කතාව ප්‍රතික්ෂේප කරන්නත් බැහැ. ඒ කතාව තහවුරු කරන්නටත් බෑ.
ප්‍රශ්නය,
ඒ කියන්නේ ඔබතුමා අතරමැදි තැනක ඉන්නේ?
රාජ්‍ය අමාත්‍ය, අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
ඒක තවම තහවුරු කරන්නත් බැහැ, ප්‍රතික්ෂේප කරන්නත් බැහැ.
මේ පිළිබඳව අද(08) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ද සිය අදහස් පළ කළේය.
අපිට තියෙන තොරතුරු අනුව මම එතුමා ඊයේ හමුවුණු කිව්වේ එතුමට ඒ තනතුරු භාරගන්න වෙනවා කියන කාරණය. ඒක එතුමා කැමැත්තෙන් යන්නේ. එතුමා බොහොම පළපුරුදු කෙනෙක් ඒ සම්බන්ධව. මේ රටේ මහබැංකුව හරියට මෙහෙයවගෙන ඉස්සරහට යන්න වෙලා තියෙනවා. මේ වෙලාවේ රටේ මූල්‍ය හරි හැටි හසුරුවගෙන ඉස්සරහට යන්න වෙලා තියෙනවා. අපි මූල්‍ය කළමනාකරණය හොඳින් කළ යුතු වෙලාවක්. ඉතින් ඒ නිසා එතුමා බොහෝ වෙලාවට ඉදිරියේදී ඒ තනතුරට යනවා කියලා තහවුරු කරලා තියෙනවා.
මේ අතර ජනාධිපතිවරයාගේ ඇරයුමකට අනුව මහ බැංකු අධිපතිධූරය තමා භාර ගන්නා බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර ඇතැයි ඩේලි මිරර් පුවත්පත අද වාර්තා කර තිබුණි.
අදාළ මහබැංකු අධිපති ධූරය කැබිනට් බලතල සහිත ධූරයක් බවත්, චීනය, වියට්නාමය, සිංගප්පුරව වැනි රටවල එවැනි ධූර පවතින බවත් අදාළ වාර්තාවේ සඳහන් වේ.
සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක, නීතිඥ අජිත් පී. පෙරේරා මහතා,
අජිත් නිවාඩ් කබ්රාල්ට දැන් ප්‍රොමොෂන් එකක් දෙන්න යනවලු, මුදල් රාජ්‍ය ඇමතිකමේ කෑලි ගලවලා තමන්ට විශ්‍රාම වැටුප හදලා දුන්නට පස්සේ මහචාර්ය ලක්ෂ්මන්ව තනතුරෙන් ඉවත් කරලා. අජිත් නිවාඩ් කබ්රාල් ඒ කියන්නේ හෙජින් ගිවිසුම හරහා මේ රටේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට රටේ විශාලතම හානියක් කරපු අඥාණ කඩා වැටිච්ච ග්‍රීසියේ බැඳුම්කරවල ආයොජනය කරලා කවුරුත් කඩා වැටෙන ආර්ථිකයක ආයෝජනය කරලා විශාල හානියක් කරපු කබ්රාල්ට නැවත මහබැංකු අධිපතිකම දෙනවලු ඒ වගේම ෆොරෙන්සික් ඔඩිට් එකෙන් ස්වාධීනව ජාත්‍යන්තර ආයතනයක් කරපු ඒ විගණනය හරහා 2015 කලිනුත් බැඳුම්කර වංචා ගණනාවක් සිද්ධ කරපු බවට චෝදනා ලබපු අජිත් නිවාඩ් කබ්රාල්ට නැවතත් මහ බැංකු අධිපතිකම දෙනවලු. මේකනම් මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මේ රටේ මොනවහරි දෙයක් ඉතුරු වෙලා තියෙනවා නම් ඉතුරු දේවල් වලටත් දෙයියයන්ගෙම පිහිටයි.
මේ අතර විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය, අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළේය.
ප්‍රශ්නය -
විශ්‍රාම වැටුප වැඩි කරගන්න යනවයි කියලා කියලා ඇත්තද මේ ඇත්තටම එහෙම කාරණාවක් තියෙනවද ඔබතුමාගේ විශ්‍රාම වැටුප වැඩි කරගන්න
රාජ්‍ය අමාත්‍ය, අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
මං මුලින්ම කියන්නට ඕනේම විශ්‍රාම වැටුප හැටියට සතයක්වත් අරං නෑ මේ රජයෙන්වත් මොන රජයෙන් වත් මම තීරු බදු රහිත වාහනයක් වත් අරන් නෑ. විශ්‍රාම වැටුප මට හිමි විය යුතු වරප්‍රසාදයක් එය මගේ පත්වීමේ ලිපියේ එය ඉතාමත් පැහැදිලි ලෙස ඒකෙ ලියලා තියෙනව.මට එවැනි දෙයක් හිමිවුණත්.එක අරගෙන නැහැ.