NMRA දත්ත මැකියාම ගැන සමාගමේ CEO අත්අඩංගුවට

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය පවත්වාගෙන ගිය සමාගමේ CEO CID අත්අඩංගුවට...

by Staff writer 08-09-2021 | 8:16 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ගවර්මන්ට් ක්ලවුඩ් පද්ධතිය තුළ ගබඩා කර තිබූ ඖෂධ නියාමන අධිකාරියේ (NMRA ) දත්ත පද්ධතිය පවත්වාගෙන ගිය පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ , ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකීයාම හේතුවෙනි.