පාප් වහන්සේ හමුවීමට අගමැති කිසිදු ඉල්ලීමක් කර නැහැ

ඉතාලි සංචාරයේදී පාප් වහන්සේ හමුවීමට අගමැති කිසිදු ඉල්ලීමක් කර නැහැ - විදේශ කටයුතු අමාත්‍යාංශය

by Staff Writer . 08-09-2021 | 7:03 PM

COLOMBO (News 1st): අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරය පිළිබඳව පැහැදිලි කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය අද(08) පස්වරුවේ නිවේදනයක් නිකුත් කළේය.

අති උතුම් පාප් වහන්සේ හමුවීමට අග්‍රාමාත්‍යවරයා කිසිදු ඉල්ලීමක් කර නොමැති බවත් වතිකානයෙන් එවැනි ආරාධනයක් සිදු කර නොමැති බවත් එම නිවේදනයේ සඳහන් වේ. අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර සමුළුවක ප්‍රධාන දේශනයක් වෙනුවෙන් ඉතාලිය බලා පිටත් යන බව පසුගිය 06 වැනිදා විදේශ කටයුතු අමාත්‍යවරයා පැහැදිලිව සඳහන් කළ බව ද එම නිවේදනයේ දැක්වේ. ඒ අනුව, අද(08) රාත්‍රියේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පිරිසක් ජාත්‍යන්තර සමුළුවකට සහභාගිවීම සඳහා ඉතාලිය බලා පිටත්ව යෑමට නියමිතය. විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය මෙසේය..