ආසාදිතයින් වෙනුවෙන් නිකුත් කළ නව මාර්ගෝපදේශ..

ආසාදිතයින් සම්බන්ධයෙන් නිකුත් කළ නව මාර්ගෝපදේශ මාලාව..

by Staff writer 08-09-2021 | 10:54 PM

COLOMBO (News 1st) - ආසාදිතව නිවෙස්ගතව සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල හෝ රජයේ අත්‍යවශ්‍ය සේවාවල නිරතවන පුද්ගලයින් දින 10 කින් පසු මුදාහැරිය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නව මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වේ.

ආසාදිතයෙකු බවට පී.සී.ආර්. හෝ ඇන්ටිජන් පරීක්ෂණක් මගින් හඳුනාගත් දිනයේ සිට එම දින 10 ගණනය වනු ඇති. සුළු රෝග ලක්ෂණවලින් මිදී ඇත්තම් හෝ පැය 48 ක කාලයක් උණ නොපවතින්නේ නම් පී.සී.ආර්. හෝ ඇන්ටිජන් පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව මර්ගෝපදේශවල දක්වා ඇත. කෙසේවෙතත් ඉහත කාණ්ඩවලට අයත් නොවන අයෙකු ආසාදිතයෙකු බව හඳුනාගත් දිනයේ සිට දින 14 ක් නිවාසගතව හුදකලාව සිටිය යුතුයි. ඔවුන්ට ද පැය 48 ක කාලයක් උණ නොපවතින්නේ නම් හෝ සුළු රෝග ලක්ෂණවලින් මිදී ඇත්නම් පිටවීම සඳහා ඇන්ටිජන් හෝ පී.සී.ආර්. පරීක්ණයක් අවශ්‍ය නොවන බව නිර්දේශ කර ඇත. සම්පුර්ණයෙන් එන්නත්කරණ කළ පසු සමීප ආශ්‍රිතයෙකු වන රෝහල් කර්ය මණ්ඩල හෝ රෝගීන් කළමනාකරණයේ යෙදී සිටින්නෙකු අඛණ්ඩව සේවයේ නිරත විය යුතු අතර ආශ්‍රීතයෙකු වී දින 3 කට 7 කට හා 10 කට පසු ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කරගත යුතු අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද තදින් අනුගමනය කළ යුතුයි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ, සම්පුර්ණයෙන් එන්නත්කරණය ලද සමීප ආශ්‍රිතයෙකු බවට පත් වූ අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නෙකු නිවෙස් නිරෝධායනයෙන් දින 10 කට පසු ඇන්ටිජන් හෝ පී.සී.ආර්. පරීක්ෂණය නෙගටිව් නම් එම පුද්ගලයාට ද සේවයට වාර්තා කළ හැකි බවය. ඉහත ඛාණ්ඩලට අයත් නොවන පුද්ගයින් දින 21 කට පසු නිරෝධානයෙන් මුදා හැරිය හැකියි බවත් ඊට යළි කිසිදු කොවීඩ් පරීක්ෂණයක් අවශ්‍ය නොමැති බවත් නව මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වේ. ප්‍රශ්නය,
නව චක්‍රලේඛයෙන් කොවිඩ් පරීක්ෂණ සීමා වෙනවා කියලා මහජන පරීක්ෂකවරුන් සහ සමහර යුනියන් චෝදනා කරනවා?
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
දවසකට ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල 35,000 ඉක්මවලා වෛද්‍ය සැපයුම් අංශයෙන් දිනපතා නිකුත් කරනවා එතකොට මේ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල වෙන කාර්යක් සඳහා යොදවන්න බෑ. එතනදී අපට නිගමනයකට එන්න පුළුවන් අති විශාල ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාවක් කෙරෙනවා ලංකාවේ තේරුමක් නැතුව පරීක්ෂණ කරනවා නම් අපට ඒකෙන් ලැබෙන පලයක් නැත්තම් අපි ඒක අවම කරගන්න තමයි මේ චක්‍රලේඛය නිකුත් කරලා තියෙන්නේ. එතකොට අපි නිෂ්ඵල දේවලට වැය කරපු කට්ටල තව ඵලදායි තැන්වලට යොදවන්න පුළුවන් සංඛ්‍යාව අඩු කිරීමට හේතුවෙන චක්‍රලේඛයක් නෙවෙයි මේක ඵලදායිතාව වැඩි කිරීමටයි.