COLOMBO (News 1st) - ජනාධිපතිවරයාගේ ඇරයුමකට අනුව මහ බැංකු අධිපති ධුරය තමා භාර ගන්නා බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර ඇතැයි ඩේලි මිරර් පුවත්පත අද (08) වාර්තා කර තිබේ.
ඒ අනුව ඔහු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව ද එම පුවත්පත් වාර්තාවේ දැක්වේ.
අදාළ මහ බැංකු අධිපති ධූරය කැබිනට් බලතල සහිත ධූරයක් බවත්, චීනය වියට්නාමය සිංගප්පුරව වැනි රටවල එවැනි ධූර පවතින බවත් අදාළ වාර්තාවේ දැක්වේ.
