.webp)
COLOMBO (News 1st) - අද (07) පාර්ලිමේන්තුවේදී සම්මත වූ මුදල් පනත පිළිබඳව විපක්ෂ නායකවරයා සිය අදහස් පළ කළේ ය.
සාධරණව බදු ගෙවලා ජීවත්වෙන අතිමහත් බහුතරයකට අසාධාරණයක් වන ආකාරයට අයථා අන්දමින් ආදායම් උපයලා මුදල් සඟවා ගත් අයට ඉතාමත්ම සොච්චම් ප්‍රතිශතයක් ගෙවලා ඒ කළු සල්ලි සුදු කරගන්න ප්‍රතිපාදනයන් අද රාජ්‍ය ප්‍රතිපත්තිය හැටියට නිර්මාණය කරන්නට මුදල් පනත හරහා රජය කටයුතු කරලා තියනවා. පහුගිය කාලේ ඒ අයට යම් යම් දැඩි කොන්දේසි මතයි ඒ කර්තව්‍ය ක්‍රියාත්මක කරන්නට පුළුවන්කම ලැබුණේ. 20% ප්‍රතිශතයක් 30% ප්‍රතිශතයක් යනාදි වශයෙන් ගෙවන්න සිද්ධ වුණා. මෙදා පාර 1% සොච්චම් ප්‍රතිශතයක් මුදක් ගෙවලා කරගන්නට පුළුවන්. මේ මොකක්ද මේ කරන්නේ. බදු ගෙවන්නන් දිරි ගැන්වීම නොවෙයි බදු පැහැර හරින්නන් තව දුරටත් උත්තේජකයක් හැටියට කටයුතු කරන අනපනත් නිර්මාණය කිරීමයි. සාධාරණව බදු ගෙවලා ජීවත් වුණොත් ඔබට තැනක් නැහැ. ඒක තමයි මේ ආණ්ඩුව රටට දෙන පණිවුඩය. රාජ්‍ය ආදායමක් අඩුවන රටක මේ කරන ක්‍රියාවලිය හරිද? එය සාධාරණද? මේ අශිෂ්ඨ ක්‍රියාවලිය වහාම නතර කරන්න