COLOMBO (News 1st) - මෙරට සම්පත් එකිනෙක විදේශ රටවලට ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද(07) පැවති මාධ්‍ය හමුවකදීය.
හොර රහසේ විදුලිබල මණ්ඩලය සතු යුගධනවී බලාගාරය මේක මහා භාණ්ඩාගාරය සතු රජය සතු තිබිච්ච බලාගාරයක්. ඒ බලාගාරයේ තිබිච්ච සියලුම විදේශ ණය, ලබන අවුරුද්දේ මාර්තු මාසයේ ගෙවලා අවසන් වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ පුරවැසියෝ ගෙව්වේ ඒ ණය. ඒ බලාගාරය අද එක අත්සනින් පවරලා තියනවා අමෙරිකාවේ සමාගමකට මොනම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින්වත් තොරව. ඒ වගේම තවත් බලාගාරයක් ආරම්භ කළා ස්වභාධනවී නමින්. මෙගාවොට් 300ක. එම බලාගාරයත් රජය සතු සමාගමක් කරගෙන යන්නේ. එම බලාගාරයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ලැබීමට නියමිතයි හබැයි මේ පවතින වාතාවරණය හමුවේ එම බලාගාරයට රජය පැත්තෙන් යොමු කරන්න ඕන මූල්‍ය කොටස ලැබිලා නෑ, ඒ නිසා පාර්ලිමේන්තුවේ මොනවා කිව්වත් මම කියනවා ස්වභාධනවී බලාගාරයත් මේ අමෙරිකානු සමාගමට පැවරීමට කතාකරගෙන යනවා. UNDISCLOSE AGREEMENT එකක් තියනවා. දැන් මේකට විදුලිබල මණ්ඩලයේ යම් කැක්කුමක් තියන සේවකයෝ නැගිටිනවා, දැන් මොකද කරන්නේ, හදිසි නීතිය යටතේ ඒක මර්දනය කරනවා. දැන් බලන්න ලංකා බැංකුවේ යෝග් වීදියේ ශාඛාව, හිල්ටන් හොටලය, ජියෝජ් හෝටලය, ඕමාන් ව්‍යාපාරිකයෙකුට ලබාදීමට යනවා මොනම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින්වත් තොරව. මේකට විරුද්ධව බැංකු සේවකයෝ නැගිට්ටම මොකද වෙන්නේ, ඒ බැංකු සේවකයන් මර්දනය කරන්න හදිසි නීතිය භාවිත කරනවා