"මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය.."

මේ වසරේ පමණක් ලැබිය යුතු ආදායමෙන් බිලියන 1500ක් 1600ක් අතර ප්‍රමාණයක් අපට අඩු වෙලා - මුදල් ඇමති බැසිල්

by Staff writer 07-09-2021 | 8:53 PM

COLOMBO (News 1st) - මේ වර්ෂය පමණක් අපට ලැබිය යුතු ආදායමෙන් බිලියන 1500 ක් 1600 ක් අතර ප්‍රමාණයක් අඩු වී ඇති බව මුදල් අමාත්‍ය, බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද පාර්ලිමේන්තුවේදීය. මුදල් අමාත්‍ය, බැසිල් රාජපක්ෂ මහතා,
වනයේ ගිජිදාය දුටුවොත් වනසාය. ළිඳේ පණිදාය වැටුණොත් ඌ කාය. අතකින් කරවැලකි අතකින් දඬු බෑය. මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය. මේකෙන් මම සඳහන් කරන්නේ අද ශ්‍රී ලංකාව සමස්ත ජනතාවත් මුහුණ පාලා තියෙන තත්ත්වය. අපේ රට දරුණු විදේශ විනිමය අර්බුදයකට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා ඒ වගේම දේශීය මුදල් අතිනුත් මහා භාණ්ඩාගාර යත් අපේ සමස්ත ආර්ථිකය මේ කරුණු තුන උඩ බලපාල තියෙන වෙලාවක ඒ සඳහා විසඳුම් හොයන්න මම හිතන්නේ විපක්ෂය සහයෝගය ඇතුව මේ කටයුත්ත කළ යුතුව තියෙනවා. අපි දන්නවා සමහර අවස්ථාවල නාස්තිය දූෂණය අනවශ්‍ය වියදම් තියෙන බව අපි පිළිගන්නවා. මේ වර්ෂය පමණක් අපට ලැබිය යුතු ආදායමෙන් බිලියන එක්දහස් පන්සියයක් එක්දහස් පන්සියයක් 1600 ක් අතර ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ආදායම ලැබෙන අයුරු අප තක්සේරු කරපු ප්‍රමාණයටත් වඩා වාහනවලින් තමයි වැඩිම ආදායම් ලැබුණේ දැන් අවුරුදු එක හමාරක ඉඳලා මේ රටට මේ රටට වාහන ගෙන්වීම නතර කරල තියෙනවා. අපිට සම්පූර්ණයෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම අඩු වෙනවා. වැට් ආදායම සාමාන්‍යයෙන් 75 % ක අසූවක විතර ආදායමක් අපිට අඩු වෙනවා. ඉතින් ඒ වගේම අනිත් පැත්තෙන් වියදම මේ ආකාරයට අඩුවෙලා නෑ නෑ. අපි දන්නවා වියදම වැඩි වීමක් සිද්ධ වෙලා තියෙන්නේ. අපිට ලැබිච්ච vaccine වලින් සියයට අසූවක් විතර ලැබුණේ සල්ලිවලට. ඒවට මුදල් ගෙවීමක් සිද්ධ වෙනවා උදාහරණයකට ඔක්සිජන් වෙනදා වගේ දෙගුණයක් භාවිතා වෙනවා. කිසිම අපි අඩු කිරීමක් කළේ නැහැ. දීමනා අඩු කිරීමක් කළේ නැහැ ශ්‍රමිකයින්ගෙන් ලැබිච්ච සම්ප්‍රේෂණ 30% ක ක 25% ක අතර ප්‍රමාණයකින් ගිය මාස තුනේ අඩු වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒත් ඒ ණය වාරික එකක්වත් අපි අත ඇරලා නැහැ. තිබුණු ණය බරවලුත් අපි නැති කරගෙන යනවා. ණය නැති රටක් බවට අපි පත් වෙන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම දේශපාලන කොන්දේසි හෝ රටේ ස්වෛරීභාවයට ස්වාධීනත්වයට හානි නොකරන ණය ආධාර ලබා ගැනීම තමයි අපේ ප්‍රතිපත්තිය සමගි ජන බලවේගයේ පා.ම, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද සිය අදහස් පළ කළේය. ජාත්‍යන්තර ආයතන එක්සත් ජාතීන් හරහා නිර්මාණය කරලා තියෙන ජාත්‍යන්තර මූල්‍ය ආයතනයට පවා ගිහිල්ලා හැකිනම් ඔවුන් සමග සමග සාකච්ඡා කරලා කෙටි කාලීනව moratorium එකක් ලබාගන්න ලබා ගන්න පුළුවන් නම් ලබාගන්න පුළුවන් නම් එහෙමත් නැත්නම් ණය ව්‍යුහගත කිරීමක් කර ගන්න පුළුවන් නම් පුළුවන්නම් අපිට ඔබතුමා ඔය කියන වෛරී භාවයට හානි නොකරන විදිහේ ණය ලබා ගන්න පුළුවන්. ඔබතුමා විපක්ෂයෙන් සහය ඉල්ලුවා අපි සම්පූර්ණ සහය දෙන්න සූදානම් අපේ අදහස් පිළිගන්නවා නම් පිළිගන්න නැති නම් විසි කරලා දාන්න. ඉතා විශාල ලෙස බදු අඩු වෙලා තියන අවස්ථාවක මේ වගේ tax write-off එකක් දෙන එක හරිද කියලා මම ඔබතුමාගෙන් ප්‍රශ්න කරනවා. අපි විශ්වාස කරන්නේ නැහැ මේ president commission එකේ සභාපතිත්වය දරපු මහාචාර්ය ලක්ෂ්මන් මැතිතුමා එතුමා තමයි අද මහ බැංකු අධිපති එතකොට එතුමා එදා කිව්ව නම් මේක කළ යුතු නැහැ මේක වැරදියි කියලා. ඒ මතය වෙනස් වීමට හේතුව කුමක් ද කියලා මම හිතන්නේ මහ බැංකුවේ කාටත් දැනුවත් කළ යුතුයි. ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ කාරණා දෙකක් මේ මුදල් පනතෙන් පනතෙනි වත්කම් හෙළි නොකරපු අයට බදු සහන බදු සමාවක් දෙන එක මේකෙන් අපිට හිතෙනවා මේ හිතවත් කට්ටියට බදු පැහැර හැරීමට අවස්ථාවක් දුන්නද කියලා. උදාහරණයක් හැටියට අපි හිතමු පිටරට island එකක මොකක් හරි හෝටලයක් ගන්නවා ඒ හෝටලයට ආයෝජනය කරනවා අර ගෙවපු නැති බදු සහන එතකොට මේ බදු පනතෙන් කියන්න පුළුවන් නෑ. අපි ඒක ආයෝජනය කරලා තියෙනවා එතකොට මේ පනත යටතේ සම්පූර්ණයෙන්ම සුද්ධ පවිත්‍ර වෙලා එන්න පුළුවන් කියලා. එතකොට ගරු ඇමතිතුමා එකෙන් ලංකාවට කිසිම ආයෝජනයක් ලැබෙන්නේ නැහැ මොකද ඔබතුමා port city එකේ financial city එකක් හදන්න හදනවා එතකොට ජාත්‍යන්තරය අපි ගැන මේ වගේ වැරදි මතයක් ගියොත් ඒක අපිට හොඳ දෙයක් නෙවෙයි