පොළොන්නරුවේ තවත් වැවකට මොකද මේ වෙන්නේ..?

පොළොන්නරුවේ තවත් වැවකට මොකද මේ වෙන්නේ..?: ගම්මුන් සහ ව්‍යාපෘතියේ පිරිස අතර උණුසුම් තත්ත්වයක්..

by Staff writer 07-09-2021 | 9:15 PM

COLOMBO (News 1st) - පොළොන්නරුව, කඩවල වැව ගම්මානයට අයත් වැව ආශ්‍රිතව පස් ජාවාරමක් සිදුවන බවට ගම්වාසීන් චෝදනා කරති.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ මෙම පස් කැපීම හේතුවෙන් වැව ආශ්‍රිත පරිසර පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවය. වසර ගණනාවක සිට මෙම වැව ප්‍රතිසංස්කරණාය නොවීම නිසා මෙම වැව යටතේ වගාකටයුතු සිදු කළ ගොවීන් පත්ව ඇත්තේ මහත් දුෂ්කරතාවයකටයි. මේ වනවිට කඩවල වැව ඉස්මත්තේ පස් කැපීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන්නේ, වැව මධ්‍යයේ රොන් මඩ ඉවත් කර දෙන ලෙස ගොවීන් දිගින් දිගටම රජයෙන් ඉල්ලීම් කළ ද එයින් ඵලදායී ප්‍රතිඵලයක් තවමත් නොමැති පසු බිමකය. මෙම ව්‍යාපෘතිය වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ හෝ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයකින් තොරව සිදුවන බව ද ගම්මුන් වැඩිදුරටත් පෙන්වා දෙයි. කෙසේ වෙතත් අප මේ පිළිබඳ මෙම පස් කැපීමේ ව්‍යාපෘතිය භාර කොන්ත්‍රාත්කරුගෙන් අප විමසීමක් කළෙමු. ව්‍යාපෘතිය භාර කොන්ත්‍රාත්කරු, එච්.එම්.සරත් කුමාර මහතා,
මේ ව්‍යාපෘතියට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පුර්ණ අනුමැතිය තියනවා සහා කැනීම් සම්බන්ධ ආයතනය තමයි භූවිද්‍යා සහා පතල් කාර්යංශය එතකොට ඒ දෙකේ අධීක්ෂණය යටතේ තමයි මේක කරන්නේ මෙකට රජයේ මුදල් සත පහක් යන්නේ නෑ ගොවි ජනතාව ඒ ගැන සතුටු වෙන්න ඕන
ව්‍යාපෘතිය සිදු වන ස්ථානයේදී ප්‍ර‍දේශවාසීන් සහ ව්‍යාපෘතිය භාරව කටයුතු කරන පිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

සම්පූර්ණ වාර්තාව නරඹන්න... 

https://www.youtube.com/watch?v=4HEe3TEzoys