ද.අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලියේ ජය ලංකාවට

දකුණු අප්‍රිකා සිහිනය බොඳ කරමින් ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජය ගනී..

by Chathuranga Rajapaksha 07-09-2021 | 9:45 PM

COLOMBO (News 1st): දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ, අද(07) පැවති තුන්වන එක්දින තරගයෙන් ලකුණු 78ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමත් සමගිනි. ඒ අනුව, තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව තරග 2ට 1ක් ලෙස ජය ගත්තේය. කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. තරගයේ කෙටි ලකුණු පුවරුව මෙසේය.