ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ ජය කාටද? තීරණාත්මක තරගය අදයි : චන්දිමාල්ටත් අවස්ථාවක් ලැබෙන ලකුණු..

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ ජය කාටද? තීරණාත්මක තරගය අදයි : චන්දිමාල්ටත් අවස්ථාවක් ලැබෙන ලකුණු..

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ ජය කාටද? තීරණාත්මක තරගය අදයි : චන්දිමාල්ටත් අවස්ථාවක් ලැබෙන ලකුණු..

කර්තෘ Staff Writer .

07 Sep, 2021 | 8:40 am

COLOMBO (News 1st): ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තීරණාත්මක තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද(07) පැවැත්වේ.

කොළඹ, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය, පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර තරග 3 කින් සමන්විත, එක්දින ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවේ.

අද තරගය සඳහා දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ සූම් තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා මෙලෙස අදහස් පළ කළේය.

කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් වෙනවා. ඒ පිළිබඳ සාකච්ඡා සිද්ධ වුණා. ඒ පිළිබඳ අවසන් තීරණය අද එළැඹීමට නියමිතයි. ඒත් අපේ කණ්ඩායම හොඳයි කණ්ඩායමේ සියලුදෙනා හොදින් මහන්සි වෙලා තිබෙනවා. මෙවැනි තරගාවලියකදී ක්‍රීඩකයින්ගේ කැපවීම පිළිබඳ මම සතුටු වනවා. තරුණ ක්‍රීඩකයින්ගේ හැකියාවන් දියුණුවීම ගැන සතුටු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා තරගාවලියේ ජය තහවුරු කර ගන්න. එහෙම කළොත් කණ්ඩායට ඉදිරියට යෑමට හොඳ මානසික මට්ටමක් හැදෙනවා.

මේ අතර දෙරට අතර පැවැත්වීමට නියමිත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට මහේෂ් තීක්ෂණට වැඩි අවස්ථාවක් ඇති බව මිකී ආතර් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]