by Staff Writer . 06-09-2021 | 11:06 PM
COLOMBO (NEWS1ST) : ඉන්දයාවේ තමිල්නාඩුවේ සිට නීතිවිරෝධි ලෙස බෝට්ටුවකින් ලංකාවට පැමිණීමට උත්සහ කළ මුලතිව් ප්‍රදේශයේ කාන්තාවක් තමිල්නාඩු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඇය ඉකුත් 2018 වසරේ ජුනි මාසයේ ගුවනින් චෙන්නායි බලා ගොස් වසර තුනක පමණ කාලයක් ඥාති නිවසක රැඳී සිට ඇති බවයි.
තැරැව්කරුවෙකු මාර්ගයෙන් බෝට්ටුවක නැග ශ්‍රී ලංකාවට පැමිණිමට ඇය සැලසුම් ඇති අතර ඒ අනුව ඔහු විසින් ඇය ශ්‍රී ලංකාව හා ඉන්දීයාව අතර පිහිටි අරිච්චල්මුනෛයි වැලි පරයක දමා ගොස් තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ශ්‍රී ලංකාවේ සිට බෝට්ටුවක් පැමිණෙන තුරු ඇය පැය 8 ක කාලයක් එම ස්ථානයේම රැඳී සිටි බවයි.
කෙසේ නමුත් ඉන්දීය ධීවරයන්ගේ දැනුම්දිමක් අනුව තමිල්නාඩු පොලිස් නිලධාරීන් ඇයව අත්අඩංගුවට ගෙන මේ වන විට පරීක්ෂණ අරඹා තිබේ.