කල්ඉකුත් වූ සීනි හා පැණි තොගයක් වත්තලින්

සඟවා තිබූ සීනි දිවයින පුරා සතොස හරහා බෙදාහැරීමට පියවර..

by Staff writer 06-09-2021 | 9:52 PM

COLOMBO (News 1st) - සඟවා තිබියදී සොයාගත් සීනි දිවයින පුරා සතොස හරහා බෙදාහැරීම සඳහා භාරදීම අද(06) සිදු කෙරිණි.

ඔරුගොඩවත්ත ගබඩාවකින් සොයාගත් සීනි මෙට්‍රික් ටොන් 5500කින් වැඩිකොටසක් උතුරු  - නැගෙනහිර සමූපකාර වෙත යවනු ලැබුවේ ය. ඉතිරි තොග සෙසු පළාත්වලට බෙදා හැරේ. බ්ලුමැන්ඩල් ගබඩාවක තිබි අද දහවල් සොයාගත් සීනි මෙට්‍රික්ටොන් 1,500ක් බෙදාහරින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ සතොස සහ සමුපකාරවලටයි. කොළඹ දිස්ත්‍රික් ලේකම්, ප්‍රදීප් යසරත්න මහතා,
මේක අනිවාර්යනේම මිලදී ගැනීමක් තමයි කරන්නේ පාරිභෝගික සේවා අධිකාරිය මගින් නියම කරලා තියෙන මිලට අරගෙන ජනතාවට මිලට කරලා තියෙන මිලට තමා ලබාදීමට කටයුතු කරන්නේ. මිලදී ගැනීම කරනවා 116 ට මිලදී ගන්නවා පාරිභෝගිකයාට 122 කට ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
වත්තල පොලීසිය ආසන්නයේ ගබඩා සංකීර්ණයක තිබු කල් ඉකුත් වූ සීනි සහ පැණි තොගයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය අද(06) සොයා ගත්තේ ය.