COLOMBO (NEWS1ST) වරායේ ඉඩම් අත්කර ගැනීමට එරෙහිව ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල් , වරාය , විදුලි ඒකාබද්ධ සංධානය අද (06) මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ.
වරායේ අක්කර ගණනාවක් විකිණීම යනු බරපතළ තත්ත්වයක් බව ත් අවුරුදු 05 කට බලය ගත් පාලකයින්ට අක්කර 13 ක් චීනයට විකිණීමට ඇති අයිතිය කුමක් දැයි, ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සංධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් ප්‍රශ්න කර සිටී.
''තෙල් සංස්ථාව කියන්නේ සටන් ඉතිහාසයකින් පිරුණු එකක්. අද දෙකට කඩලා තුනට කඩලා අයි ඕ සී එකට භාගයක් දීලා. ඒක හාන්සි කරන්න තමයි මේ රටේ පාලකයෝ හදන්නෙ, අපි ආණ්ඩුවට කියනවා අපිට නැති වෙන්න දෙයක් නෑ , අපිට චංචල දේපළත් නෑ. නිශ්චල දේපළත් නෑ ''
තව ද ඉතිහාසය පුරා රටේ ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ වෘත්තිය සමිති තමන් ඇතුළු වෘත්තිය සමිති නායකයින් එම පවරා ගැනීම් සිදු කිරීමට ඉඩ නොතබන බවයි.
''අපි ඉතිහාසය පුරාම මේ රටේ ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරපු නායකයෝ.උඹලට පවර ගන්න දෙයක් නෑ . ඒ නිසා මේ සටනට තෙල් සංස්ථාවත්, විදුලියත් එකතු වෙලා අරගලය අපි අවුළනවා. අපි ආණ්ඩුවට කියනවා මොන මර්දනය දියත් කළත් ,උඹලට පවර ගන්න වෙන්නෙ අපේ ජීවිත''
මේ අතර සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ චෝදනා කරන්නේ, වරාය අධිකාරිය සතු වරායවල් ක්‍රමානුකූලව පෞද්ගලික අංශයට පැවරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.
''මේ වරාය චෛත්‍ය පිටිපස්සේ තියෙන ඉඩම මේ රත්තරං භූමිය තමයි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අද පෞද්ගලීකරණය කරන්නේ. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ත්‍රිකුණාමල වරායේ අපිට තියෙනවා අක්කර 11,000 ක භූමියක්. මේ අක්කර 11,000 ක භූමිය අද වෙනකොට සැළසුම් වෙලා තියෙනවා ඉන්දියාව හා ඇමරිකාවක් එක්ක ඒකාබද්ධ ව්‍යාපාර වලට යන්න.අනිත් පැත්තෙන් එහෙම ගත්තොත් ගාල්ල වරායේ ,අක්කර 06 කුත් පර්චස් 26 ක් පෞද්ගලික අංශයට පැවරීමට කටයුතු සූදානම් කරලා තියෙනවා''
තව ද ජාතික සේවක සංගමයේ උප සභාපති සුනිල් ද සිල්වා මහතා පවසන්නේ, 80 දශකයේ නව පරිවර්තනයෙන් පසු වරාය භූමියේ ඉඩ ප්‍රමාණවත් නොවීම මත වෙයාර් හවුස් ටික වරායෙන් එළියට ගෙනගිය බවයි.
''කන්ටේනර් වරාය ඇතුළට ආවා ,ඒකෙන් පස්සේ ප්‍රතිඅපනයනය එන්න ගත්තා .මෙහෙම එනකොට වරාය භූමිය මදි වුණා. වරාය භූමිය මදි වුණාම මෙකද කලේ ,කොනක ඉඳලා තිබුණු වෙයාර් හවුස් ටික ඔක්කොම ගලවලා ,වරායෙන් එළියට දැම්මා.මොකද කන්ටේනර් යාඩ්වලට මේක අවශ්‍ය නිසා .අද මොකද වෙලා තියෙන්නෙ ,පෑලියගොඩ දැම්මා විශාල අංගනයක්. ඒ විශාල අංගනය පෑලියගොඩ දාලා අපි බ්ලූමැන්ඩල්වල පහුගිය කාලේ වරාය ඉඩම් සෝදිසි කරලා ඒ තොරගත්තු ලොජිස්ටික් එකට මේ කටයුත්ත භාර දීලා වරායෙන් පිටත ඉඳන් සේවා සැපයුම් කරන්න''
ඔහු චෝදනා කරන්නේ ප්‍රතිපත්ති සැකසූ වරයා අධීකාරියේ ඉහළ නිලධාරීන් හා ඇමතිවරු වරාය තුළ යළිත් ගුදම් හදන බවට ප්‍රකාශ කර සිටින බවයි.
''ප්‍රතිපත්ති සකසූ ශ්‍රී ලංකා වරයා අධීකාරියේ ඉහල නිලධාරීන් හා ඇමතිවරු. දැන් අද මොකක්ද වෙලා තියෙන්නෙ අද නැවත කියනවා අපි වරාය ඇතුලේ නැවත ගුදම් හදනවලු .අපි මේක එළියට දාපූ දේ. අද ආයේ කියනවා මේ රජය මේ වෙලාවේ කාගේ හරි ලණුවක් කාලා''