කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

මිලින්ද මොරගොඩගේ අක්තපත්‍රය ඉන්දියාව පිළිනොගත් බවට පළවන වාර්තා අසත්‍යයි- කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය

by Staff Writer . 06-09-2021 | 10:17 PM

COLOMBO (NEWS1ST) :  ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස නම් කර සිටින මිලින්ද මොරගොඩ මහතාගේ අක්තපත්‍රය ඉන්දීය රජය පිළිගෙන නොමැති බවට පළවන වාර්තාවල සත්‍යතාවක් නොමැති බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

ඉන්දියාවේ , ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත් කෙරුණු මිලින්ද මොරගොඩ මහතා පසුගිය 30 වනදා නිල වශයෙන් සිය රාජකාරී ඇරඹී ය. ඒ නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදීයි.