COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර හිඟයක් තිබෙනවා ද?
මේ පිළිබඳව විපක්ෂය ප්‍රශ්න කළ අතර එහදී ආණ්ඩු පක්ෂය අත්‍යවශ්‍ය සේවා සැලසීමේ සැලසුම් ගැන අද පාර්ලිමේන්කුවේදී හෙළි කළේ ය.
මේ අදහස් පළ කෙරුණේ හදිසි නීති විවාදය අතරතුරයි.
මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවුසවේ, පාරිභෝගිකයා වෙනුවන් ජනාධිපතිවරයා විසින් මෙම හදිසි නීතිය ගැසට් කිරීමට කටයුතු කළ බවයි.
තව ද රටේ කිසිදු ආහාර හිඟයක් නොමැති බව ද එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
''ආහාර හිඟයක් නෙමෙයි ආහාර මාෆියාවක් ආහාර මාෆියාව පාලනය කර ගැනීම සඳහා තමයි ජනපති ගැසට් නිවේදනය නිකුත් කළේ ''
මේ අතර සමගි ජන බලවේග මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ, ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවකට බඩු මිල පාලනය කර ගැනීමට නොහැකි වීම මත හදිසි නීතිය පනවා ඇති බවයි.
තවද කෝවිඩ් හෝ භාණ්ඩ පාලනය නොවේ ජනතාව පාලනය කර ආණ්ඩුවට එන විරෝධය වළක්වා ගැනීමට මෙම හදිසි නීතිය ගෙන ආ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.
''සත 25 බද්ද ට සීනි කිලෝ ලක්ෂ 7ක් ගෙනල්ලා තියෙනවා ආණ්ඩුවට අහිමි වුණ, බදු මුදලින් පමණක් ගොවියො සියල්ලට පොහොර සහනාධාරය දෙනන් තිබුණා. ලංකාවේ අවුරුදු 12 න් ඉහළ සියල දෙනාට ෆයිසර් එන්නත දෙන්න තිබුණා''
මේ අතර පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, පෞද්ගලික අංශය ම විශ්වාස කර රටේ භාණ්ඩ මිල පාලනය කිරීමට හෝ ජනතාවට සහන දීමට හෝ හැකියාවක් නොමැති බවයි.
තව ද මෙය හිංසක ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයා ගත තීන්දුවක් වන බව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ය.
මේ අරත පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ, ලබන සිකුරාදා වන විට රටේ සෑම තැනකින්ම පාරිභෝගික ජනතාවට අවශ්‍ය පමණට සීනි සහ සහල් මිලදී ගැනීමට හැකි බවයි.
''ඉදිරි සිකුරාදා වෙන්න කලින් මේ රටේ සෑම තැනකම සීනි සහ සහල් ගිහිල්ලා කිලෝ දෙක තුනක් ගන්න නෙමෙයි අවශ්‍ය ප්‍රමාණය පාරිභෝගික ජනතාවට ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය පරිසරය මේ ගැසට් නිවේදනය හරහා ලබා දී තිබෙන බලතල අනුව අපි ක්‍රියාත්මක කරලා තිබෙනවා.ඒවගේම දැන් ශත 25 බද්ධ ගැන කතා කරනවා. සිනි රුපියල් 145 යි. බද්ධ අඩු කරලා කිව්වා 85 ට විකුනන්න ඕන කියලා. වික්කේ නැහැ ඇත්ත පිලිගන්නවා අපි නමුත් මොකක්ද සිද්ධ වුනේ බද්ධ තිබුනම් 150,155 ට යන්න තිබුන සීනි 105 ට10 ට වෙළද පොල තුළ තිබුනා. ආන්ඩුවේ බලාපොරොත්තුව 100% ක්ම ඉටු කරගන්න පුළුවන්කම ලැබුනේ නැහැ. ඒක සෑම බද්ධකම සිදුවෙන දෙයක්. ඒවගේම වර්තමානයේ අරගෙන තිබෙන සිනි ඒ අයටම නැවත දෙනවල් ඒක සම්පුර්ණයෙන්ම බොරුවක් ඒවගේම දැන් රුපියල් 85 ට ගෙනාපු සිනි දැන් 116 ට 122 දෙනවලු. ඒකනම් ඇත්ත දෙනවා. මේ මිල ගණන් තීරණය කළේ ඇයි. ඒවෙලාවේ ඩොලර් එක තිබුනේ රුපියල් 196 යි. අද මහබැංකුව 203 ක් විදියට මේක ප්‍රකාශයට පත් කළා අද අපි කියන්න ඕන ප්‍රායෝගික තත්ත්වය මීට මාස හයකට කලින් ගෙනාපු සිනිවලට ඩොලර් දෙනකොට අද බැංකු වලින් ගන්න සිද්ධ වෙලා තිබෙන්නේ. 230 යි 229 යි''
මේ අතර ජාතික ජන බලවේග මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ, පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා වන පරිචසරය සැකසිය යුත්තේ, සාමාන්‍ය නීතිය යටතේ බවයි.
''අපිට ඇවිල්ල කියනවා ජාවාරම්කාරයෝ මැඩ පවත්වන්න, ඩඩ්ලිගෙ හාල් අල්ලන්න, නිපුන නියෝජ්‍ය ඇමතිතුමාගේ හාල් අල්ලන්න ලග්ගල සංවිධායක ලක්ෂමන් වසන්ත පෙරේරාගේ හාල් අල්ලන්න අපි නීති ගේනවා අපි මේවා පිළිගන්න ඕනෙද? තමුන්නාන්සේලා සේරම එක මේසෙ වාඩි වෙලා කන බොන අය. අපිට කියනවා පාලනය කිරීම සඳහා තමයි නීති කියලා. ඒ අය පාලනය කිරීම සඳහා නෙමෙයි. අපේ රටේ පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා අවශ්‍යතාවය නිර්මාණය කරන්න ඕන. හැබැයි ඒක කළ යුතු වන්නේ සාමාන්‍ය නීතිය යටතේ. ඔවුන්ට බැහැ. සාමාන්‍ය නීතිය ඉක්මවා යන විශේෂ නීති, මේක ක්‍රියාත්මක කිරීම හරහා මොකද වෙන්නේ පාර්ලිමේන්තුවේ මෙතෙක් සම්මත කොට තිබෙන සියලු නීති වැඩක් නැතුව යනවා. මේවා කිසිවක් අධිකරණයේදී විභාගයට ලක් කරන්න බැහැ. විශේෂ අධිකරණ පද්ධතියක් වුණත් පිහිටුවීමේ බලය දෙනවා. ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණය කියන සියලු බලයන් තනි කෙනෙක් අතට අත්පත් කර ගැනීම සඳහා තමයි මේ නීති සම්පාදන කරන්නේ''