.webp)
හදිස්සිය අත්‍යවශ්‍යයි අම්මලා ටික රැක ගැනීමට, දරුවෝ ටික රැක ගැනීමට, මේ රටේ පුරවැසි පරපුරේ ජීවිත ටික ආරක්ෂා කර ගැනීමට, හැබැයි මේ හදිස්සිය අත්‍යවශ්‍යයි කියන ඉලක්ක ටික සම්පූර්ණ කර ගැනීමට රජය ඉදිරිපත් කරලා තියෙන හදිසි නීතිය කිසිසේත්ම මේ ඉලක්ක සම්පූර්ණ කර ගැනීමේ හොඳම වැඩපිළිවෙළ නොවේ. මං හිතනවා අත්‍යවශ්‍ය හදිසි ඉලක්ක කිසිසේත්ම හදිසි නීතියෙන් සම්පුර්ණ කරගන්න බැහැ. ඒ ඉලක්ක කරා යන්නට බැහැ, මේ බඩු මිල පාලනය කරන්න ඇයි මෙච්චර හදිස්සි වෙන්නේ. 1979 අත්‍යවශ්‍ය මහජන සේවා පනත තියෙනවා ඇයි මේක ක්‍රියාත්මක කරන්න බැරි ඒ වගේම 2003 පාරිභෝගික පනත පිළිබඳ පනත තියෙනවා මේක පාවිච්චි කරන්න. මේ කොවිඩ් ප්‍රශ්නේ ජාතික ආපදාවක්. ජාතික ආපදාවක් වෙලත් ව්‍යසන කළමනාකරණ පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මක නැහැ. අත්‍යවශ්‍ය දේ කරන්න ඕන. නමුත් පවතින නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක කරන්න ඇයි ආණ්ඩුව මැලිවන්නේ. මෙය පාවිච්චි කරලා රටේ ජනතාවගේ අයිතීන් උදුරා ගන්නට විනාශ කරන්නට ඒ වගෙම නැති කරන්නට උත්සහ දරන සෑම ව්‍යාපෘතියක්ම අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා පමණක් නෙවෙයි එයට ප්‍රජාතන්ත්‍රවාදීව එරෙහි වෙලා මේ රටේ ජනතාවගේ අයිතින් ආරක්ෂා කරන්නට අපි ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් නිවහල් අරගල කරන්නටත් සූදානම්