රුපියල ඩොලරය ප්‍රමුඛ ප්‍රධාන මුදල් ඒකකවලට සාපේක්ෂව 10% කට වැඩි අගයකින් පහතට..

රුපියල ඩොලරය ප්‍රමුඛ ප්‍රධාන මුදල් ඒකකවලට සාපේක්ෂව 10% කට වැඩි අගයකින් පහතට..

රුපියල ඩොලරය ප්‍රමුඛ ප්‍රධාන මුදල් ඒකකවලට සාපේක්ෂව 10% කට වැඩි අගයකින් පහතට..

කර්තෘ Staff writer

06 Sep, 2021 | 9:54 pm

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා රුපියල ඩොලරය ප්‍රමුඛ ප්‍රධාන මුදල් ඒකකවලට සාපේක්ෂව 10% කට වැඩි අගයකින් පහත වැටී ඇති බව මූල්‍ය වාර්තා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව,  ඉතිහාසයේ ප්‍රථම වරට යෙන් මුදල් ඒකකයක් මිලට ගැනීමට ශ්‍රී ලංකා රුපියල් 2 කට වැඩියෙන් වැය වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය සතිය අවසානයේ ශ්‍රී ලංකා රුපියල බ්‍රිතාන්‍ය පවුමට සාපේක්ෂව සියයට 11 යි දශම 4 කින් පහත වැටී  ඇත.

ඊට අමතරව ශ්‍රී ලංකා රුපියල ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 10 යි දශම 3 කින් ද, යූරෝ මුදල් ඒකකය සියයට 6 යි දශම 9 කින් ද පහත වැටුණි.

වාණිජ බැංකු නිල දත්ත අනුව ඩොලර් එකක දැන් මිල සටහන් වන්නේ, රුපියල් 225 ක් ලෙසය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම අගය සටහන්ව ඇත්තේ, රුපියල් 203 ක් ලෙසය.

මේ වනවිට යූරෝ 1ක් රුපියල් 270 ක් වන අතර බ්‍රිතාන්‍ය පවුමක් රුපියල් 315 ක් වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]