ස්පුට්නික් එන්නතේ දෙවැනි මාත්‍රාව ලැබෙයි ද?

by Staff writer 05-09-2021 | 10:18 PM

COLOMBO (News 1st) - එන්නත්කරණ වැඩසටහන් අදත් (05) දිවයිනේ දිස්ත්‍රික්ක 17 ක් කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරිණි.

ඒ, මධ්‍යස්ථාන 132 කදීය. අඟුණුකොළපැල්ල පුරහලේදී එන්නත්කරණ කටයුතු නිරීක්ෂණයට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද පැමිණ සිටියේ ය. අප වාර්තාකරු පැවසුවේ, වයස අවුරුදු 20 ත් 30 ත් අතර පුද්ගලයින් සඳහා මෙහිදී ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන් බවයි. ඊයේ දිනය තුළ පමණක් පුද්ගලයින් 180,062 දෙනෙකුට එන්නත් ලබා දී තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, මේ වනවිට පුද්ගලයින් එක් කෝටි 27 ලක්ෂ 3070 දෙනෙකුට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බවය. එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් සමස්ත සංඛ්‍යාව 91 ලක්ෂ 37, 887කි. නමුත් මහනුවර ආශ්‍රිතව ස්පුට්නික් එන්නත ලබා ගත් අයට දෙවැනි මාත්‍රාව ලබා ගැනීමේ ගැටලුවක් පවතී ස්පුට්නික් එන්නතේ දෙවැනි මාත්‍රාව ලැබෙයි ද? ඖෂධ නිෂ්පාදන හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා,
රුසියාවේ පහුගිය මාස 1 හමාරක පමණ කාලයේ ලෝකයේ රෝගීන් ඉහළම ප්‍රමාණයක් වාර්තා වන මරණ ඉහළම ප්‍රමාණයක් වාර්තා වන රටවල් කිහිපය අතරට එකතු වුණා. ඒක නිසා රුසියානු රජය තීරණයක් අරගෙන තිබුණා ඔවුන් ස්පුට්නික් එන්නත තමන්ගේ රටට ලබා ගැනීමට ප්‍රමුඛත්වය දෙනවා කියලා ඒක නිසා තමයි යම්කිසි ප්‍රමාදයක් ඇති වුණේ. නමුත් ඒ අතරතුරත් අපිට 15000 බැගින් ඛාණ්ඩ 2 කට ලබාදෙන්න ඔවුන් කටයුතු කළා. එතකොට ස්පුට්නික් සමාගම ඒ ගැමීලා ආයතනය අපිට දැනුම් දීලා තියෙනවා සැප්තැම්බර් මාසය ඇතුළත මේ ශ්‍රී ලංකාවට අවශ්‍යය ඉතිරි දෙවැනි මාත්‍රාව එක්ලක්ෂ 20000 ලබාදෙන්න කටයුතු කරනවා කියලා.