අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ගෙන් නියෝගයක්

නීත්‍යනුකූල නොවන ලෙස රැස්කරගෙන ඇති වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිලදී ගෙන ජනතාවට සහන මිලට ලබා දෙන්න... - අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ගෙන් නියෝගයක්

by Staff writer 05-09-2021 | 3:51 PM

COLOMBO (NEWS1ST) :  නීත්‍යනුකූල නොවන ලෙස රැස්කරගෙන ඇති වී , සහල් , සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිලදී ගෙන ජනතාවට සහන මිලට ලබා දීමට කටයුතු කරන ලෙසත්, එක් එක් දිස්ත්‍රික්කයේ අවශ්‍ය මැදිහත්වීම් කර තමා වෙත නිරන්තරයෙන් වාර්තා කරන ලෙසත්, අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් සෙනරත් නිවුන්හැල්ල මහතා සියලු දිසාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම නියෝගය සිදු කරනු ලැබ ඇත්තේ, පොලිස්පතිවරයාටත්, සියලු දිසාපතිවරුන්ට , පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාට සහ ආහාර කොමසාරිස්වරයාට ලිපියක් යොමු කරමිනි. එහි දැක්වෙන්නේ, වී, සහල්, සීනි ඇතුළු අත්‍යශ්‍ය තොග සැගවීම ,, බෙදාහැරීම අඩපණ කිරීම , අධික මිල ගණන් අය කිරිම හා මහජනතාව අපහසුතාවට පත්කරන සියලු අක්‍රමිකතා වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වගන්තිය යටතේ, නියෝගයක් නිකුත් කර ඇති බවයි. ඒ අනුව, රජයේ සහතික මිලට හෝ රේගුවේ ආනයනය කළ මිල ගණන් පදනම් කරගෙන නිත්‍යනුකූල නොවන රැස්කරගෙන තබාගෙන ඇති ආහාර තොග මිලදී ගෙන ජනතාවට සාධාරණ මිලට ලබා දීමට කටයුතු කරන ලෙස අතශවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතා නියෝග කර තිබේ.