තවත් වෛද්‍යවරයෙක් කොවිඩ් මරුවාට බිලිවෙයි..

උතුම් ගුණාංග ඇති තවත් වෛද්‍යවරයෙක් කොවිඩ් මරුවාට බිලිවෙයි..

by Staff writer 05-09-2021 | 11:20 PM

COLOMBO (News 1st) - සැප අනුන් වෙනුවෙන් කැප කළ බෝධිසත්ත්ව ගුණැති තවත් වෛද්‍යවරයෙකු කොරෝනා වෛරසයෙන් නික්ම ගියේ ය.

වසන්ත ජයසූරිය මහතා වෛද්‍යවරයෙකු විදිහට රෝගීන්ගේ ලෙඩ වගේම හිතත් දැක්කා ය. ඒ, නිසයි ඔහු එතරම් සංවේදී විදිහට ජනතාව ඇසුරු කළේ. මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකය සේවය කිරීමෙන් පසු ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට මාරුවක් ලැබුණි. මේ වෛද්‍යවරයා දුෂ්කර ආණමඩුවට ආදරය කළේ ය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ආණමඩුව, වෛද්‍ය රවී අබේරත්න මහතා,
ඔබ දන්නවා ආණමඩුව කොයි වගේ ප්‍රදේශයක් ද කියලා. ඉතාමත්ම දුෂ්කර ප්‍රදේශයක්. ගම්පහ ඉඳලා මේ වගේ පළාතකට ඇවිල්ලා සේවය කරපු වෛද්‍යවරයෙක් තමයි වෛද්‍ය වසන්ත ජයසුන්දර කියන්නේ. එතුමා රෝගීන්ට කතා කරන ආකාරය රෝගීන්ට සලකන ආකාරය අති විශිෂ්ටයි.
වෛද්‍ය වසන්ත ජයසූරිය කියන්නේ බලාපොරොත්තු බෙදන පරාර්ථකාමී උතුම් මනුස්සයෙකි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ආණමඩුව, වෛද්‍ය රවී අබේරත්න මහතා,
සමහර වෙලාවට පාන්දර හතර හමාරට බස් එකේ නැගලා එතුමා හත වෙනකොට වැඩට එනවා. සමහර වෙලාවට අතේ තියෙනව බනිස් මල්ලක්. මම අහනවා ඩොක්ටර් ජයසූරිය ඇයි ඔච්චර බනිස් කියලා. නෑ මල්ලි මම තේ බොනකොට මට විතර තේ බොන්න බැහැනේ. ස්ටාෆ් එකේ තව කට්ටිය ඉන්නව නේ. මම ඒ ඔක්කොමටත් බනිස් ගෙනාවා. මේ පැත්තෙ බල්ලෙක් පූසෙක් යනවා වුණත් බනිස් කෑල්ලක් හම්බ වෙනවා. එච්චර මානව දයාවෙන් පිරුණු වෛද්‍යවරයෙක් තමයි corona උදුරගත්තේ
මානව දයාවෙන් පිරුණු මෙම වෙදැදුරාණන් දින 10ක් කොරෝනා වෛරසයත් සමග පොරබැදුවේ ය. වෛරසය ජය ගත්තේ දරු දෙදෙනෙකුට පියෙක් සහ රටට උතුම් මිනිසෙක් අහිමි කරමිනි. වෛද්‍ය වසන්ත ජයසූරිය ජීවත් වූ අවුරුදු 56 කියන්නේ කෙනෙකුට ආදර්ශයට ගත හැකි පරමාදර්ශයන් රැසක් සහිත කාලයක්.