COLOMBO (News 1st) - රජයේ ලියාපදිංචි නොවූ වී ගබඩා සොයා පාරිභෝගික සේවා අධිකාරිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඛණ්ඩව මෙහෙයුම් ආරම්භ කර තිබේ.
ඒ අනුව අද(05) දින සිදු කළ මෙහෙයුම්වලින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගබඩා 10ක් පමණ මුද්‍රා තැබීමට දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය පියවර ගත්තේ ය.
පාරිභෝගික සේවා අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් ස්ථානභාර ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී B.A.C.P. පෙරේරා මහතා පැවසුවේ, නොච්චියාගම, තලාව, ගල්කිරියාගම, මරදන්කඩවල හා කැකිරාව, ගලෙන්බිඳුනුවැව, මිහින්තලය ප්‍රදේශ ආවරණය වන පරිදි මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි.
එහිදී වී කිලෝ ලක්ෂ දහයකට වැඩි ප්‍රමාණයක් සහ බඩඉරිඟු කිලෝ ලක්ෂ 02කට වඩා වැඩි ප්‍රමාණයක් සොයා ගැනිණි.
පාරිභෝගික සේවා අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් ස්ථානභාර, ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී B.A.C.P. පෙරේරා මහතා,
ඒක නිසා තමයි කිව්වේ ඔබතුමාට අපේ රාජකාරිය මේ වෙලාවේ කරනවා කරලා ඊට පස්සේ ඔබතුමාගේ නිරවද්‍යතාවය ඔප්පු කරන්න
මරදන්කඩවල ප්‍රදේශයේ කළ වැටලීමේදී ලියාපදිංචි නොකළ ගබඩා 5 ක තිබු වී කිලෝග්‍රෑම් ලක්ෂ 02ක පමණ තොගයක් සොයා ගැනිණි.
පාරිභෝගික සේවා අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් ස්ථානභාර, ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී B.A.C.P.පෙරේරා මහතා,
මේ වැටලීම් කටයුතුවල මුලික අරමුණ වෙලා තියෙන්නේ වී තොග රැස් කරගෙන සිටින්නන් සහල් රැස් කරගෙන සිටින්නන් අනවශ්‍ය ලෙස සහල් ගබඩා කරගෙන සිටින්නන් සීනි ගබඩා කරගෙන සිටින අය අත්‍යවශ්‍ය භාණ්ඩයක්වන කිරිපිටි සිමෙන්ති වගේ දේවල් අනවශ්‍ය ලෙස ගබාඩකරගෙන තිබෙන අයව නීතියේ රැහැනට හසුකරගනිමින් අදාළ අධිකරණ කටයුතු ක්‍රියාවලියට යොමු කිරීමයි.