මෙරට සමස්ත කොරෝනා මරණ 10,000 ඉක්මවා යයි

මෙරට සමස්ත කොරෝනා මරණ 10,000 ඉක්මවා යයි

මෙරට සමස්ත කොරෝනා මරණ 10,000 ඉක්මවා යයි

කර්තෘ Sagarika Chathumali

05 Sep, 2021 | 7:46 pm

COLOMBO (NEWS1ST): අද (05) තවත් කොරෝනා මරණ 189 ක් වාර්තා කිරීමත් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 10,140 දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 96 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 93 දෙනා කාන්තාවන් ය.

වාර්තා වූ කොරෝනා මරණ අතර වයස අවුරුදු 30ට අඩු එක් කාන්තා ආසාදිතයෙකු ද වේ.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 34 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 154 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (05) වාර්තා කරන ලද මෙම මරණ 189 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]