සීනි බදු වංචාව මතක ද?

සීනි බදු වංචාවෙන්, අහිමි වූ අදායම යළි අය කරගන්නට වැඩපිළිවෙළක් සකස් කරන්නේ කවදා ද?

by Staff writer 04-09-2021 | 10:51 PM

COLOMBO (News 1st) - සීනි බදු වංචාව මතක ද?

2020 ඔක්තෝබර් 14 රුපියල් 50 ක ආනයන බද්ධ සත 25 දක්වා පහතට මේ කාලසීමාව තුළ සමාගම් 67 ක් සීනි ගෙන්වයි. මුළු තොගයෙන් 40% කට ආසන්න ප්‍රමාණයක් ගෙන්වන්නේ පිරපීඩ් විල්මා සමාගම. පිරමිඩ් විල්මා සමාගම සත 25ක ආනයන බද්ධට ගෙන් වූ සීනි මෙට්‍රින්ටොන් දෙදහසකට අධික ප්‍රමාණයක් සතොසට දෙන්නේ කිලෝග්‍රෑම් එක රුපියල් 125 ත් 127 ත් අතර මිලකට ය. සතොස ජනතාවට දුන්නේ රුපියල් 85 කට. එහිදී සිදුවී ඇත්තේ ද දෙවරක් ජනතාවට පාඩු කිරීම නොවේ ද? මෙම ආනයන සිද්ධියේදී රටට අහිමි කළ බදු අදායම පමණක් රුපියල් බිලියන 15 කට අධිකය. වගකිවයුත්තන් තවමත් නිදැල්ලේ.. ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රාවක මිල දල වශයෙන් අමෙරිකානු ඩොලර් 5කි. ඒ කියන්නේ රුපියල් 1000 කි. සීනි ගෙන්වීමෙන් අහිමි වූ බදු ආදායම වන රුපියල් බිලියන 15 ක් නම් දල වශයෙන් එන්නත් මිලියන 15 ක් ගෙන්වීමට හැකියාව තිබුණි. සීමිත පිරිසක් අතට මේ ඇදී යන්නේ රටේ පුරවැසියන්ට ප්‍රතිලාභදී හැකි රජයේ ආදායම නොවේ ද? මේ අහිමි වූ අදායම යළි අය කරගන්නට වැඩපිළිවෙළක් දැන්වත් සකස්විය යුතු නොවේ ද?