දෙවන එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාවට..

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාවට

by Chathuranga Rajapaksha 04-09-2021 | 11:38 PM

COLOMBO (News 1st): ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 67කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

ඒ අනුව, තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවේ. තරගය ආරම්භයට පෙර වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එක් පිලකට පන්දුවාර 47 බැගින් ලබා දීමට විනිසුරුවරුන් තීරණය කළේය. කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ් අනුව නියමිත පන්දුවාර 47 අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 283ක් ලබා ගත්තේය. ජැනමන් මාලන් ලකුණු 121ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකා ඉනිම අතරතුර යළි තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා පන්දුවාර 41කදී ලකුණු 265ක ‍ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය. නමුත් ශ්‍ර‍ී ලංකා කණ්ඩායමට පන්දුවාර 36යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලබාගත හැකි වූය් ලකුණු 197ක් පමණි. චරිත් අසලංක ලකුණු 77ක් ලබා ගත්තේය. තරගයේ කෙටි ලකුණු පුවරුව මෙසේය.