මහ මුහුදේදී තවත් හෙරොයින් ජාවාරමක් වටලයි

විශාල හෙරොයින් තොගයක් සමග විදෙස් ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේ දී අත්අඩංගුවට

by Sagarika Chathumali 04-09-2021 | 7:59 AM

COLOMBO (NEWS1ST) : විශාල හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය ධීවර යාත්‍රාවක් සැකකරුවන් 07ක් සමග ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාව සහ සැකකරුවන් මේ වනවිට කොළඹ වරාය වෙත රැගෙන එමින් සිටින බව නාවික හමුදා ප්‍රකාශකවරයා පැවසී ය. සමුදුර නෞකාව විසින් අදාළ යාත්‍රාව සහ සැකකරුවන් කොළඹ වරාය වෙත රැගෙන ඒමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට නියමිත ය. මෙම හෙරොයින් තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන  ඇත්තේ, පොලීසිය වෙත ලද බුද්ධි තොරතුරක් මත පසුගිය දින කිහිපය පුරා සිදු කළ විශේෂ පොලිස් - නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමකිනි.