මිහින්තලේ නිධන් හොරු කොටු කර දුන්නේ රිළවෙක් ද?

by Staff writer 04-09-2021 | 9:22 PM

COLOMBO (NEWS1ST) :  මිහින්තලා පුදබිමේ රාජගිරි ලෙන් පරිශ්‍රයේ ලෙනක් තුළ නිදන් හැරූ පුද්ගලයින් කොටු කර දුන්නේ රිලවෙක්ද?

අගොස්තු 31 වැනිදා පුරාවිද්‍යා නිලධාරින් කටු සෑය අසල නිරීක්ෂණයේ සිටින්නේ සැක කටයුතු පිරිසක් ගැවසෙන බවට ලැබුණු තොරතුරකට අනුවයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මිහින්තලේ කලාප භාර නිලධාරි මංජුල රස්නායක සිද්ධිය මෙලෙස විස්තර කළේ ය.
''දැන් වටපිට බලබල ඉද්දි මෙයා එකපාරටම අතට තට්ටුවක් දාලා කිව්වා. ඒ අර බලපන් රිලවා කියලා. අනිවාර්යයෙන්ම වැඩේ සිද්ධ වෙන්නේ ජැක්ගලේමයි කියලා මෙයා කිව්වා. මොකද අරයා අත්තඋඩ ඉදගෙන මේ අත්දෙකත් බැඳදගෙන වල දිහා තමයි බලාගෙන ඉන්නේ''
සහ මිහින්තලේ කලාපයේ පුරාවිද්‍යා සහායක සුසන්ත කුමාර යන මහත්වරු සිද්ධිය මෙලෙස පිළිබඳ මෙ
''මොකක් හරි හෝඩුවාවකට තමයි එයා බලන්නේ අනිත් එක රිලවෙක්වත් බලන්නේ නැහැ. ඒ කට්ටිය සෙල්ලම් කරනවා. මෙයා විතරක් ඉන්නවා. වෙනදා අපි යනකොට ඒ රිලව් දැක්කහම මහ රිලවා වුණත් අපි දිහා බලලා දුවනවා. නමුත් එදා ඒ රිළවා දිව්වේ නැහැ. බැලුවේ වත් නැහැ බලාගෙන ඉන්නේ වල දිහාමයි. එතකොට මම කිව්වා මොකක් හරි හෝඩුවාවක් තියෙන්න ඕනේ එයාගෙන් තමයි දැනගන්න පුළුවන් ඒ කියලා විනාඩියක්. තත්පරයක්වත් ගියේ නැහැ. එතකොට එක්කෙනෙක් එතනින් යනවා. කවුරු හරි කියන කොටම මම කිව්වා කෑගහන්න එපා සද්ධ නොකර ඔහෝම බලමු පොඩ්ඩක් කියලා කියන කොට මගේ පිටිපස්සේ හිටිය රැකවල්කරු දැක්කා තව එක්කෙනෙක් කොණ්ඩෙ ඉදිච්ච එක්කෙනෙක් පිටිපස්සේ යනවා. තව එක්කෙනෙක් යනවා කිව්වා. මෙතන ඔක්කෝම ඉන්නවා දැන් සීන් එකේ දැන් මොකක් හරි වෙනවා. මෙතන ඒ හින්දා අපි කොහෝම හරි කවර් වෙලා බලමු මොකක්ද වෙන්නේ කියලා ඉවර වෙලා ළඟට යන්න පුළුවන් කියලා ඉවර වෙලා නැතිනම් අපිට ආපස්සට යන්න පුළුවන් කියලා ඉවර වෙලා බලමු කියලා පස්සට යන්න හම්බවුණේ, නැහැ එතකොට ඒ කට්ටිය අපිව දැක්කා. ඊට පස්සේ තමයි අපි කෑගහගෙන දුවගෙන එලවාගෙන ආවේ එනකොට ඒ කට්ටිය සියලුම ආයුධ ඔක්කෝම ෆොන් හිටන් ඔක්කෝම දාලා දුවන්න ගත්තා''
පසුව සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. මේ අතර ඓතිහාසික මිහින්තලා පුදබිමේ රාජගිරිලෙන් පරිශ්‍රයේ නිධන් හැරූ ස්ථානය නිරීක්ෂණය කිරීමට ජාතික භික්ෂු පෙරමුණ අද එම ස්ථානයට ගොස් තිබිණ. ස්ථානය නිරීක්ෂණයෙන් පසු පූජ්‍ය අගුනොච්චියේ කුමාර කස්සප හිමි සමස්ත භික්ෂූන් වහන්ස්ගෙන් ඉල්ලා සිටියේ, මෙය ඇස්කන් යොමුකරගෙන සිටිය යුතු කලවකවානුවක් බවයි. තව ද පුරාවිදයා වස්තුන් විනාශ කරන, රක්ෂිත විනාශ කරන, කොල්ලකරුවන් අල්ලා ගැනීමට නොහැකිව ඇත්‌තේ,  පුළුවන්කමක් ලැබිලා නැත්තේ මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය නිරන්තරයෙන්ම තිබෙන නිසයි.
''සමහර අවස්ථාවලදී රාජ්‍ය අනුග්‍රහය ඇතිව තමයි මේ සියල්ලමක් සිද්ධ වන්නේ ඒ නිසාවෙන් තමයි පුරාවිදයා වස්තුන් විනාශ කරන රක්ෂිත විනාශ කරන මේ මංකොල්ලකරුවෝ හොරු තක්කඩි අල්ලාගන්න පුලුවන්කමක් ලැබිලා නැත්තේ මේ සදහා රාජ්‍ය අනුග්‍රහය නිරන්තරයෙන්ම තිබෙන නිසයි''