පළාත් 04කට අද තද වැසි

බස්නාහිර, මධ්‍යම ඇතුළු පළාත් 04කට අද තද වැසි

by Staff writer 04-09-2021 | 2:10 PM

COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව , මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය .

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි, තරමක තද වැසි ඇති විය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට ද පස්වරුවේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ අනාවැකියේ සඳහන් වේ. මේ අතර අද(04) දහවල් 12.09 පමණ වනවිට ජා-ඇල, තවලන්තැන්න, බදුලුවැව සහ විනයාගොපුරම් ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතිනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.