by Staff writer 04-09-2021 | 10:36 PM
COLOMBO (NEWS1ST) : පරාක්‍රම සමුද්‍රයේ රළපනාව කඩා බිඳ දමා අදට දින 10 ක් ගතව අවසන් ය.
තාවකාලිකව වැඩ නැවතුනත් බැකෝ යන්ත්‍ර යොදා පරාක්‍රම සමුද්‍රයේ රළපනාවට සිදුකළ හානිය යථා තත්ත්වයට පත්කර නොමැත.
මේ අතර පරාක්‍රම සමුද්‍රයේ ආසන්නයේ පිහිටි නිශ්ශංක මල්ල රජතුමා විසින් ඉදිකළ ගිම්හාන කුටිය මේ වන විට ඛාදනයට ලක්වී ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව සොයා බැලීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ගොවීන් පිරිසක් හා පරාක්‍රම සමුද්‍රයෙන් පෝෂණය වන ගල්තඹරාව ප්‍රදේශයේ ගොවීණ් පිරිසක් අද (04) නිරීක්ෂන චාරිකාවක නිරත විය.
ගොවීන් පවසන්නේ,සංචාරක ආකර්ෂණය දිනා ගැනීමේ අරමුණින් යුතුව ඇවිදින මංතීරුව ඉදිකිරීමට නියමිත නමුදු සංචාරකයින් ගෙන්වා ගත හැකි මෙවන් චෙතිහාසික උරුමයන් රැක ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවයි.