ඝාතනය වූ සන්ශයින් සුද්දාට කොවිඩ්..

ඝාතනය වූ ''සන්ශයින් සුද්දා'' කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනේ

by Staff writer 04-09-2021 | 10:49 PM

COLOMBO (News 1st) - මාතර, කොටවිලදී ඊයේ (03) දහවල් අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් සංශයින් සුද්දාට වෙඩි තබා පළා ගිය බවට සැකකරන වෑන් රථය අද (04) පොලීසිය විසින් සොයාගෙන තිබේ.

වෑන් රථය අතහැර ගොස් තිබුණේ, තිහගොඩ, බණ්ඩත්තර පාලම අසළ යි. අංක තහඩු පවා කැඩී ගොස් තිබුණි. "සන්ශයින් සුද්දා" පසුගිය වසරේ මාර්තු මාසයේ 30 වැනිදාත් වැලිගමදී වෙඩි ප්‍රහාරයකට ඉලක්ක වුවත් දිවි බේරා ගත්තේ ය. ඊයේ ඔහු වෙඩි ප්‍රහාරයට ලක් වූයේ, තම වාහනයෙන් වරකාපිටිය ප්‍රදේශයේ සිට එන අතරතුරදී ය. මාතර රෝහලේදී අද(04) පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමටත් පෙර කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේ දී "සන්ශයින් සුද්දා" කොවිඩ් ආසාදිතයකු බව හෙළිවී තිබේ.